මිනුවන්ගොඩ ආසාදිත සංඛ්‍යාව 1022 වෙයි, 8000 නිරෝධායන මධ්‍යස්ථාන වළ

මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවක පිරිසෙන් කොරෝනා ආසාදිත වූ තවත් 190 දෙදනකු අද (07) මේ වන විට හඳුනාගෙන තිබේ.
මේ අනුව එහි සමඟ සමස්ථ ආසාදිත සංඛ්‍යාව 1022 දක්වා ඉහළ ගොස් තිබෙන අතර මොවුන් සියලු දෙනාම නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් වේ.

මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් 8000 කට ආසන්න පිරිසක් මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව යුද හමුදාව පවසයි.
එසේම මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ තවත් ආශ්‍රිතයින් 4000 කට අධික පිරිසක් මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

ඔවුන් සම්බන්ධයෙන් නිරන්තරයෙන් නිරීක්ෂණය කරමින් සිටින බව ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය සඳහන් කරයි.

Leave A Reply

Your email address will not be published.

5 − 5 =