ඇඳිරිනීතිය ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම පොලිස් කොට්ඨාසවට හා ජා ඇල, කඳානට

රටේ මතුවී ඇති කොවිඩ් වයිරසය ව්‍යාප්තවීමේ තත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම පොලිස් කොට්ඨාසවලට සහ මීගමුව කොට්ඨාසයේ ජා ඇළ, කඳාන යන පොලිස් කොට්ඨාසවලට ඇඳිරිනීතිය පැනවූ බව හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

ඊයේ පස්වරුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඳිරිනීතිය සම්බන්දයෙන් විවිධ කතා පැතිර ගිය අතර කෙසේ වෙතත් අද(07) පෙරවරුවේ සිට ගම්පහ පොලිස් කොට්ඨාස12 ක හා මීගමුව පොලිස් කොට්ඨාස දෙකකට මෙලෙස ඇදිරි නීතිය පනවා ඇත.

එම පොලිස් බලප්‍රදේශ මෙසේය

ගම්පහ පොලිස් බල ප්‍රදේශය

කිරිඳිවැල පොලිස් බල ප්‍රදේශය

දොම්පේ පොලිස් බල ප්‍රදේශය

පූගොඩ පොලිස් බල ප්‍රදේශය

ගණේමුල්ල පොලිස් බල ප්‍රදේශය

වීරඟුල පොලිස් බල ප්‍රදේශය

වැලිවේරිය පොලිස් බල ප්‍රදේශය

මල්වතුහිරිපිටිය පොලිස් බල ප්‍රදේශය

නිට්ටඹුව පොලිස් බල ප්‍රදේශය

මීරිගම පොලිස් බල ප්‍රදේශය

පල්ලේවෙල පොලිස් බල ප්‍රදේශය

යක්කල පොලිස් බල ප්‍රදේශය

ජා ඇල බල ප්‍රදේශය

කඳාන පොලිස් බල ප්‍රදේශය

Leave A Reply

Your email address will not be published.

4 × 1 =