මාධ්‍ය ඉක්මන් වීමෙන් ඥානසාර හිමිගේ සැලසුම් අවුල් වෙයි

988

අසාද් සාලි, එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් සහ රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරයා තනතුරුවලින් ඉවත් කිරීම සඳහා තමන් ආණ්ඩුවට හෙට (03) දහවල් 12.00 වනතුරු කාලය ලබාදෙන බව පැවසූ බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි, එය ඉටු නොවුණහොත් මුළු රටේම සැණකෙළි බලාගැනීමට හැකිවනු ඇති බවට අනතුරු ඇඟවූයේ උපවාසයේ යෙදී සිටින අතුරලියේ රතන හිමියන් හමු වීමෙන් අනතුරුවය.

එසේ නොවුණහොත් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට පසුදා හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා නැගෙනහිර පළාතේ හෝටලයක සිටි ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ තිදෙනෙක් එතැනින් පිටට රැගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝ සාක්ෂි තමන් සතුව ඇති බවත් ඒවා එළියට ඒමට ඉඩදී අනවශ්‍ය ප්‍රශ්න ඇති කර නොගන්නා ලෙසත් උන් වනන්සේ පැවසීය.

එහෙත් උන් වහස්සේ පවසන සිදුවීමට අදාළ සීසීටීවී දර්ශන සමගින් අදාළ ප්‍රවෘත්තිය අද(02) රාත්‍රියේ රූපවාහිනී ප්‍රවෘත්ති තුළින් විකාශය වීමත් සමග ඥානසාර හිමියන් බරපතළ අර්බුදයකට පත්ව ඇති බව වාර්තා වේ.

එසේම තමන්ට පෙර මෙම දර්ශන මාධ්‍ය මගින් පෙන්වීම විසින් සිර ගතව සිට පැමිණීමෙන් පසු තමන් විසින් කරගෙන යනු ලබන කටයුතු පසුපස ඇති නොනිල සබඳතා හෙළිදරව් වීමක් සිදු විය හැකි බැවින් සහ ජනතාව තුළ තමා සම්බන්ධයෙන් ඇති ප්‍රතිරූපය බිඳ වැටිය හැකි බැවින් උන් වහස්සේ මෙම සිදුවීම නිසා අතිශය කලබල වී සිටින බව ද විශ්වාස කටයුතු ආරංචිමාර්ගයක් සඳහන් කරයි.

Previous article‘තව්හිද් ජමාත් පල්ලි කඩන්න එපා’ හිස්බුල්ලා මුස්ලිම් ජනතාවට කියයි
Next articleකොලරාඩෝ ප්‍රාන්තයත් පරිවර්තන ප්‍රතිකර්ම තහනම් කරයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here