අහංගම භික්ෂූන්වහන්සේලා 16 නමක් ස්වයං නිරෝධායනයේ

මිනුවන්ගොඩ ඥාති නිවසකට ගොස් ඇති අහංගම ප්‍රදේශයේ විහාරස්ථානයක භික්ෂූන්වහන්සේ නමක් යලි ආපසු විහාරස්ථානයට වැඩම කිරිමත් සමඟම එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ඇතුළු පන්සලේ භික්ෂූන් වහන්සේලා 16 නමක් අද (6) සිට විහාරස්ථානයේම ස්වයං නිරෝධායනයට යොමු කළ බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරයා පවසයි.

පසුගිය 29 වන දින දිවුලපිටියේ පදිංචි තම පුංචි අම්මාගේ නිවසට ගොස් ඇති මෙම භික්ෂූන් වහන්සේ නම සිය ඥාති එක් දිනක් ගත කර පසු දින නැවත අහංගම විහාරස්ථානය වෙත වැඩම කර තිබේ. මීට පෙර මිනුවන්ගොඇගලුම්ඩ කම්හලක සේවය කරන සේවිකාවක් මෙම මිනුවන්ගොඩ නිවසට පැමිණි බව එම නිවසේ හිමියන්ගේ ඥාතින් විසින් අහංගම විහාරස්ථානයේ හිමියන්ට දැනුම්දී තිබේ.

නමුත් මෙම නිවසට පැමිණ ඇති ඇගලුම් සේවිකාව කොරෝනා ආසාදිතයකු යයි තහවුරුවී නැති බවද වාර්තාවේ. ඒ අනුව මෙම විහාරස්ථානයේ විහාරධිපති හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා 16 නමක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

නිරෝධායනය අතරේ මෙම භික්ෂුන් වහන්සේලා පි සී ආර් පරීක්ෂණයකට යොමු කරන බවද හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය පමෝද සිරිවර්ධන මහතා පැවසීය.

Leave A Reply

Your email address will not be published.

five × one =