අපේ අනන්‍යතාව තියෙන්නේ පොදු සංස්කෘතිය ඇතුළේ

ප්‍රගතිශීලී මුස්ලිම් සමාජයක් උදෙසා තරුණ එකමුතුවේ සම කැඳවුම්කරු අර්ෂාඩ් නජුඩීන්

පසුගිය දවසක ඔබත් ඇතුළු මුස්ලිම්ත රුණ පිරිසක් එකතු වෙලා වෙනස් විදිහේ වැඩක් කළා. මොකක්ද එහි අරමුණ ?

අපේ මූලික අරමුණ වුණේ මුස්ලිම් ප්‍රගතිශීලී තරුණ පිරිසක් එකතු කර ගන්න එක. ඒකට හේතුව තමයි මේ මොහොතෙ රට තුළ ඇති වෙලා තියෙන තත්ත්වය. අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරයෙන්ප ස්සෙ සමාජය තුළ විශාල කතිකාවක් ඇති වෙලා තියෙනවා. ඒක ඇතුළෙ පැහැදිලි වෙන එක දෙයක් තමයි, පොදුවේ මුස්ලිම් සමාජය අනෙකුත් ප්‍රජාවන්ගෙන් දුරස් වෙලා තියෙනවා කියන එක. භාෂාවෙන් සහ සංස්කෘතියෙන්ස්වභාවිකවම සිදු වෙලා තිබුණ වෙන් වීම, විවෘත ආර්ථීකයෙන් පස්සෙ සංස්කෘතියට අලූතෙන්එකතු වුණු දේවල් එක්ක තවත් වර්ධනය වුණා. එහෙම සංස්කෘතියකට අලූත් දේවල් එකතු කර ගන්න එක ඒ අයගෙ අයිතියක්. ඒත් මුස්ලිම්
සමාජය එහෙම දේවල් එකතු කර ගනිද්දි ඒක ලංකාවෙ පොදු සංස්කෘතියත් එක්ක ගළපා ගැනීම හරියට කර ගත්තෙ නැහැ. ඒ නිසා ඇති වුණු ප්‍රතිවිරෝධය ආරම්භ වුණේ අප්‍රේල් 21 ප්‍රහාරයත් එක්ක නෙමෙයි. ඊට කලින් ඉඳලම මේ ප්‍රතිවිරෝධතා තිබුණා. එල්.ටී.ටී.ඊ. එකත් එක්ක මූලික ප්‍රතිවිරෝධයක් සමාජය තුළ තිබුණ නිසා මේක මතුපිටට ආවෙ නැහැ. ඒත් 2009දී එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය වෙනවාත්එ ක්කම මුස්ලිම් සමාජයෙත් තියෙන ප්‍රතිවිරෝධය පේන්න ගත්තා. ඒ විතරක් නෙමෙයි, සමහර දේශපාලන සහ සමාජ කණ්ඩායම්වල විෂය බවටත් මුස්ලිම් ජනතාව පත් වුණා. ඒ නිසාම මුස්ලිම් ජනතාව ‘නිරීක්ෂණය කරන්න’ ඔවුන්පටන් ගත්තා. ඔවුන් මුස්ලිම් සමාජය තුළ සිදු වෙමින් තියෙන වෙනස් වීම් යම් ප්‍රමාණයකට දැක්කා. ඒත් මුස්ලිම් සමාජයට එහෙම වුණේ ඇයි කියන එක ගැන ප්‍රගතිශීලී සංවාදයක් ඔවුන් තුළින් මතු වුණේ නැහැ. ඒ වෙනුවට ඇති වුණේ ප්‍රතිවිරෝධයක්. ඒ ප්‍රතිවිරෝධය උත්සන්න කරන සිදුවීම් පෙළකුත් තැනින් තැන ඇති වුණා. දිගන සිදුවීම, මාවනැල්ලෙ බුදු පිළිම කැඩීම වගේ දේවල් උදාහරණ විදිහට කියන්න පුළුවන්. ඒ සිදුවීම් සහ ඒවා මත ගොඩනැඟ=ණු සංකල්පවලට විශාල වටිනාකමක් අප්‍රේල් 21 ප්‍රහාරයත් එක්ක ලැඛෙනවා. ඒ වෙනකම් සීමිත පිරිසක් අතරෙ තිබුණ ප්‍රතිවිරෝධය පොදු සමාජ මතයක් බවට පත් වෙන තරමටම ඒක ප්‍රබල සිදුවීමක් වුණා. මේ ප්‍රතිවිරෝධයත් එක්ක අපි කාටවත් ඉස්සරහට යන්න බැහැ. ඒ නිසා තමයි, මේ තත්ත්වයට වඩා ප්‍රගතිශීලී විසඳුමක් ඕනෑ වෙන්නෙ. අපේ අරමුණ තමයි අන්න ඒ සාකච්ඡාව සමාජය තුළට ගෙන
ඒම.

එදා සංවිධානය කරපු කටයුතුවලට ඇත්තටම සම්බන්ධ වුණේ මුස්ලිම්ස මාජය නියෝජනය කරන පිරිසක් ද, එහෙම නැත්නම් පොදු මුස්ලිම් සමාජයෙන්වි තැන් වුණු පිරිසක් ද?

එදා එතැනට එකතු වුණු පිරිස අතර කොළඹ ආශ්‍රිත අය වුණාට මහනුවරින්, ගාල්ලෙන්, තිහාරියෙන් වගේම යාපනෙන්ආපු අයත් හිටියා. මේ වැඩේ අපි සංවිධානය කළේ දින තුනක් වගේ කෙටි කාලෙකින්. ඒ වෙනකම් අපි කිසිම වැඩකට සංවිධානය වෙලා, එකතු වෙලා හිටිය අය නෙමෙයි. සමාජ මාධ්‍ය ඇතුළෙත්, පෞද්ගලික දැන හැඳුනුම්කම් එක්කත්අපි ප්‍රහාරය ගැන කම්පාවෙන් කතා කළා. අපිට ඕනෙ වුණා රටට කියන්න, අපිටත් දුක දැනෙන බව. මේ සිදුවීමත්එක්ක අපිත් කම්පා වෙන බව. ඒ වගේම මේ තත්ත්වයට මැදිහත් වෙන්න අපිත්සූදානම් බව. කෙටි කාලයක් තුළ මේ අරමුණු වෙනුවෙන් එකතු වෙන්න කිව්වම, විශාල පිරිසක් එකතු කරගන්න බැරි වුණත්, මුස්ලිම් සමාජයෙන්සෑම ප්‍රදේශයකින්ම, සෑම වයස් කාණ්ඩයකම ප්‍රගතිශීලී පිරිසක් එකතු කර ගන්න පුළුවන් වුණා. ඒ අය මුස්ලිම් සමාජයෙන් විතැන් වුණ අය
නෙමෙයි.

ඒත් ඒ සහභාගි වුණු පිරිසෙන් බහුතරයක් තුළ තියෙන්නෙ පොදු මුස්ලිම් සංස්කෘතික අනන්‍යතා නෙමෙයි කියල කිව්වොත්…?

නැහැ. මම ඒක පිළිගන්නෙ නැහැ. ඒකට හොඳ උදාහරණයක් තමයි, අපි මේ වැඩේ සංවිධානය කරද්දි ඇතැම් පිරිස් අපි එක්ක කරපු සංවාදය. ඒ අය ඇහුවෙ ‘ඇයි අපි මේ
වෙලාවෙ මෙහෙම දෙයක් කරන්නෙ’ කියන එක. ඒ අය කිව්වෙ ‘අපි අන්තවාදී වැඩවලට සම්බන්ධ වෙලත් නැහැ. එවැනි කටයුතුවලට සහාය දීලත්නැහැ’ කියල. ඒත් ඒ එක්කම ඔවුන් මේ වැඩේට කැමැති වුණේ මුස්ලිම් හැමෝම අන්තවාදී කටයුතුවලට සුබ පතන්නන් නෙමෙයි කියන පණිවිඩය සමාජයට දෙන්න මේක අවස්ථාවක් කියන පැත්තෙන්. ඒකෙන් කියැවෙන්නෙ ඔවුන් තුළ මුස්ලිම් සංස්කෘතික අනන්‍යතා තියෙන බව නෙමෙයි ද? හැබැයි ඔවුන් ආගමික අන්තවාදීන් නෙමෙයි. ඒ වගේම මේ වෙලාවෙ ආරක්ෂාවට හරි වෙනත් ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන්හරි ජනතාව රවට්ටන අවස්ථාවාදීනුත් නෙමෙයි.

ඔබ කියන විදිහට මෙවැනි කටයුතුවලින්මේ ඇති වෙලා තියෙන තත්ත්වයට පිළිතුරක් හොයා ගන්න පුළුවන් කියල හිතනව ද?

මුලින්ම අපි පිළිගන්න ඕනෙ මේ ප්‍රශ්නය එක් ජන කොටසකගෙ ප්‍රශ්නයක් නෙමෙයි කියන එක. පැහැදිලිවම අන්තවාදයට නතු වුණු පිරිසක් මුස්ලිම් සමාජය තුළ ඉන්නවා. ඔවුන් හැම කෙනාම ත්‍රස්තවාදය පිළිගන්න අය නෙමෙයි. ඒත් ආගමික අන්තවාදය විසින් පොදු සමාජයෙන්වෙන් වීම ඔවුන් විසින්ම කර ගනිමින්, එය එසේ විය යුතු යයි පිළිගත්ත පිරිසක් ඉන්නවා. ඒ නිසා මුස්ලිම් හැම කෙනාම අන්තවාදීන් නෙමෙයි කියන එක පොදු සමාජයට කියන්න ඕනෙ වගේම මුස්ලිම් කියන්නෙ අන්තවාදීන් පිරිසක් නෙමෙයි කියන එක මුස්ලිම් සමාජයටත් කියන්න වෙලා
තියෙනවා. ඒකෙදි රටේ පොදු සංස්කෘතියට බය නිසා වෙන් වෙන්න ඕනෙ නැහැ, පොදු සංස්කෘතිය ඇතුළෙ අපේ අනන්‍යතාවන් තියා ගන්නෙ කොහොම ද කියන සාකච්ඡාවත් ඉදිරියට
ගන්න ඕනෙ. ඒ වෙනුවෙන් අපි ඉදිරියටත් කටයුතු කරනවා. විශේෂයෙන්ම අපි මුස්ලිම් සමාජයට ඒ අවශ්‍ය බලපෑම කරනවා. අපි එදා අත්සන් කරපු ප්‍රතිඥාව තුළ අන්තර්ගත වුණෙත් මේ කියන අදහස්. ඒ මත පිහිටමින් ඉදිරියට කටයුතු කරන්න තමයි අපේ බලාපොරොත්තුව. මේක පහසු කටයුත්තක් නෙමෙයි. ඒත් අපේ මැදිහත් වීම මේ ඇති වෙලා තියෙන තත්ත්වයට වඩා ප්‍රගතිශීලී පිළිතුරක් සොයා ගන්න බලපෑමක් වෙයි කියල අපි හිතනවා.

රටේ පවතින තත්ත්වයට දේශපාලන ක්‍රියාකාරිත්වය තීරණාත්මකව බලපානවා. ලංකාවේ දේශපාලන ක්‍රියාකාරිත්වය තුළ මුස්ලිම් ප්‍රජාවගේ මැදිහත්වීම පාර්ශ්වීයයි, ඒ පාර්ශ්වීය බව මේ දුරස්ථ බවට හේතුවක් වෙලා තියෙනව කියල කිව්වොත්…?

ඒක ඇත්ත. එතැන තමයි අපිට වැරදුණු තැන. ජාතිකත්වයන් නියෝජනය කරමින් දේශපාලන
පක්ෂ ඇති වුණා. ඒ නිසා ජනතාවත් ඛෙදී වෙන් වුණා. එහෙම දේශපාලනයේ ජාතිකත්වයන්
අනුව ඛෙදීම ඇති වුණේ අද ඊයෙ නෙමෙයි. අපේ රටට නිදහස ලැබීමටත් පෙරයි. මෙතැන දී මම නිදහස කියල කිව්වට ඇත්තටම අපිට ලැබුණෙ නාමික නිදහසක් කියන එකයි මගේ නම් අදහස.
ඒ කොහොම වුණත්, ඒ නිදහස ලබා ගන්න ගත්ත ක්‍රියාමාර්ගවල දීත් කිව්වෙ ‘සියලූ ජාතීන්
එක්ව සටන් කරමු’ කියල. එතැනම ඛෙදීම පටන්අරගෙන නේද? ඒ ඛෙදීම දිගටම පැවතුණා.
පැවතුණා විතරක් නෙමෙයි ඒක දිගින් දිගටම වර්ධනය වුණා. ඒ ඛෙදීම විසින් ඇති කළ පාර්ශ්වීය බවම තමයි මේ වෙලාවෙ තියෙන ප්‍රශ්නය. හැම කෙනාම හදන්නෙ මොකක් හරි ගොඩකට එකතු වෙන්න. මුස්ලිම් විතරක් නෙමෙයි, සිංහල සහ දෙමළ ප්‍රජාවත් එහෙමයි. දේශපාලනයේ පාර්ශ්වීය බව ඒ තත්ත්වය පෝෂණය කරනවා. රටේ පොදු ක්‍රියාකාරිත්වය සහ බලය එක ගොඩක් අතට පත් වෙලා තියෙනකොට අනෙක් ගොඩවල් වල ඉන්න අය තමන්ගෙ වටිනාකම් සහ බලය පාර්ශ්වීයව ඩිමාන්ඩ් කරනවා. ඒක තමයි අපි විසඳන්න ඕනෙ. කොහොමටත් ජාති මූලික නියෝජනයක් තියෙන දේශපාලනයට අපි එකඟ නැහැ. ජාති මූලික දේශපාලනය අවසන් කරන්න නම් ඛෙදා වෙන් කරගෙන ‘එකට එකතු
විය යුතුයි’ කියනවා වෙනුවට ‘අපි එකට ඉන්නෙ’ කියන සංකල්පය සමාජගත කරන්න ඕනෙ. ඒ
එක්කම සමාජයක් තුළ වෙනස්කම් තිඛෙන බව පිළි ගන්න, ඒ වෙනසට ආදරය කරන, වෙනස
තුළම ඒකමිතිය තියා ගන්න සූදානම් පිරිසක් නිර්මාණය කරන්න ඕනෙ. ඒ දේවල් වලින් තමයි මේ තත්ත්වය වෙනස් කරන්න පුළුවන් වෙන්නෙ. අපේ අනන්‍යතාව තියෙන්නේ පොදු
සංස්කෘතිය ඇතුළේ

සංවාද සටහන
චතුර දිසානායක

Leave A Reply

Your email address will not be published.

twelve + five =