ගම්පහටත් ඇදිරිනීතිය පනවයි

 

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොරෝනා වයිරසය ආසාදනය එන්න එන්නම වැඩිවීමත් සමඟ ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද(06) පස්වරු 6.00 සිට නැවත දැනුම්දෙනතුරු පොලිස් ඇදිරි නීතිය පනවා ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

1891 අංක 03 දරණ නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනතේ ප්‍රතිපාදන ප්‍රාකාරව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් වැඩබලන පොලිස්පත් වෙතින් කරන ලද ඉල්ලීම මත අද (06) ප.ව. 6.00 සිට නැවත දැනුම් දෙන තුරු ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කයේ ගම්පහ පොලිස් කොට්ඨාශයට අයත් පහත ප්‍රදේශ වලට නිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත්වෙන බව එහි දැක්වේ.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශ :ගම්පහ, කිරිඳිවැල, දොම්පේ, පූගොඩ, ගනේමුල්ල, වීරගුල, වැලිවේරිය, මල්වතුහිරිපිටිය, නිට්ටඹුව, යක්කල, මීරිගම, පල්ලේවෙල

මේ අනුව මීට අමතරව මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ වේයන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශයවලට ද ඇඳිරි නීතිය පනවා තිබේ.

 

Leave A Reply

Your email address will not be published.

thirteen − 4 =