මිනුවන්ගොඩ ප්‍රදේශයේ මතු වූ නව කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් උසස් පෙළ සහ පහ වසර ශිෂ්‍යත්ව විභාගය කල් දැමීමට මෙතෙක් තීරණයක් ගෙන නැති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ‘ලංකා’ වෙබ් අඩවියට පැවසීය.
දැනට ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශයක පනවා ඇති පොලිස් ඇදිරිනීතිය නිසා විභාගයට මුහුණ දීමට නියමිත සිසුන්ට අසාධාරණයක් නොවන්නේ දැයි අප කළ විමසීමට පිළිතුරු දෙමින් කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළේ කිසිදු ශිෂ්‍යයෙකුට අසාධාරණයක් නොවන ලෙස විභාග පැවැත්විය හැකි සැලසුමක් සකස් කෙරෙමින් පවතින බවයි. එය තවමත් අවසන් කර නැති බවත්, සැලැස්ම සකස් කොට අවසන් වූ වහාම එය මාධ්‍ය මගින් ප්‍රකාශයට පත්කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
Trending
- නව අභියාචනා අධිකරණ 04 ක් කඩිනමින් ස්ථාපිත කිරීමට තීරණය කරයි
- ධම්මික පැණිය පානය කළ පියල් නිශාන්තගේ බිරිය හා දියණියටත් කොවිඩ්
- “පළාත් සභා සතු පාසල් 1000 ක් ජාතික පාසල් බවට පත්කරනව”
- ප්‍රදේශ මට්ටමින් පොලිසියට නිතිඥවරයෙක් ගැනීමට අවධානය
- රුපියල් කෝටි දෙකකට අලෙවි කිරිමට යද්දී වාලම්පුරියක් අල්ලයි
- රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට මනුෂ සහ වෙල්ගම
- සිලෝන් ටි වෙළෙද නාමය යටතේ අපනයනය කිරිම සැදු කසල තේ අල්ලයි
- කොවිඩ් නිසා දෙහිඅත්තකන්ඩිය පාසල – ප්‍රා.සභාව වසා දමයි !
- වොෂින්ටන්හි කැපිටල් ගොඩනැගිල්ල වසා දමයි
- රංජන් රාමනායකට මන්ත්‍රී අසුන අහිමි වෙයි!
Prev Post
Next Post