දිවුලපිටිය පාසලේ දරුවන් 1500ක් පමණ ස්වයං නිරෝධායනයට

දිවුලපිටිය කාන්තාවගේ කෝවිඞ් ආසාදිත වූ කාන්තාවගේ 16 හැවිරිදි දියණිය අධ්‍යාපනය ලැබු දිවුලපිටිය පාසලේ දරුවන් 1500දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමුකළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කරයි.
මෙම 16 හැවිරිදි දැරියට කෝවිඞ් ආසාදිත බව වාර්තා වීමත් සමඟ මෙම පියවර ගෙන ඇත.

එම විදුහලේ විදුහල්පතිවරයා විසින් එම සියලු දරුවන්ගේ පෞද්ගලික ලිපින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත ලබා දී ඇති බවද උපුල් රෝහණ කියා සිටියේය.

මේ අතර එම පාසැලේ 11 ශ්‍රේණියේ සියලු දරුවන්, සියලු ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් අද (05) පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කරන බවද උපුල් රෝහණ සඳහන් කළේය.

මේ සදහා දිවුලිපිටිය හා මිනුවන්ගොඩ ප්‍රදේශ වෙත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 50 ට ආසන්න පිරිසක් සේවයට කැඳවා ඇති බවද පවසයි.

Leave A Reply

Your email address will not be published.

one + twelve =