මිනුවන්ගොඩින් තවත් කෙරෝනා අසාදිතයින් 69ක්

දිවුලපිටිය හා මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් තවත් කෙරෝනා අසාදිතයින් 69 දෙනකු අද ( 06 ) හමුවී ඇතැයි යුදහමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍රසිල්වා සඳහන් කළේය.
ඊයේ රෝගී කාන්තාව හමුවූ මිනුවන්ගොඩ පිහිටි ප්‍රසිද්ධ ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන තවත් සේවක සේවිකාවන් 69 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණ වලදී තහවුරුවී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි.

ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ ය අතරින් ඊයේ දිනයේදී සිදුකළ PCR පරීක්ෂණ 150ක් අනුව මෙම ප්‍රථිපල ලැබී ඇති බව සඳහන්ය.

දිවුලපිටිය ප්‍රදේශයෙන් ඇගළුම් කර්මාන්ත ශාලාවේ කොරෝනා අසාදිත කාන්තාවක් සොයා ගැනිමත් සමඟ මොවුන් පී සී ආර් පරීක්ෂණයට ලක්කෙරිණි.

Leave A Reply

Your email address will not be published.

4 × four =