කුවේට්හි ලාංකිකයෝ තවත් අසරණයි

කොවිඞ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් එළඹෙන ඔක්තෝබර් 11 දක්වා කුවේට් රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසා දැමීමෙන් පසුව එරට සේවයේ නිරත සේවක සේවිකාවන් තවත් අසරණ වී ඇතැයි අනාවරණය වේ.
තානාපති කාර්යාලය වසා දැමීමට පෙර තොරතුරු ලබාදීමට විද්‍යුත් ලිපිනයක් හඳුන්වා දීම හැර මේ ගැටලුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රමාණවත් කිසිවක් සිදුකර නැතැයි ඔවුහු පවසති. එරට ගෘහ සේවයේ නිරත දිනපතා තානාපති කාර්යාලය වෙත පැමිණෙන ගෘහ සේවිකාවන්ට එය ඉදිරිපිට රැඳී සිටිමට සිදුව ඇත.
මේ තත්ත්වය තුළ කුවේට් හි ලාංකික සේවක සේවිකාවන් වෙනුවෙන් අවශ්‍ය සහන සැලසීම සහ ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය මෙතෙත් විධිමත් පියවරක් ගෙන නැතැයිද අනාවරණය වේ.
කොවිඞ් 19 වෛරසය හේතුවෙන් ඉන්දියාව, තායිවානය, බංගලදේශය වැනි රටවල් කුවේටයේ වෙසෙන ශ්‍රමිකයන් සුරක්ෂිත කිරීමට කටයුතු කරද්දී ශ්‍රී ලංකාවේ බලධාරීන් මගහැර සිටීම බරපතළ ප්‍රශ්නයක් බව අසරණ වී එහි සිටින ශ්‍රී ලාංකිකයෝ ප්‍රකාශ කරති.

Leave A Reply

Your email address will not be published.

18 − 14 =