ආණමඩුව තරුණයකුට මාස එකහමාරක් තුළ තෙවැනි වරටත් කොරෝනා

ඩුබායි රාජ්‍යයේ රැකියාවකට ගොස් සිටි ආණමඩුව තෙන්නන්කුරියා ප්‍රදේශයේ 23 හැවිරිදි තරුණයකු තෙවැනි වරටත් කෝවිඩ් ආසාධිතයකු ලෙස සනාථ වි ඇති බව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එම්. ෆරිඩ් පවසයි.

ඩුබායි රාජ්‍යයේ රැකියාවකට ගොස් පසුගිය අගෝස්තු මස 18 දින ශ්‍රී ලංකාවට පැමිණ කෝවිඩ් 19 ආසාධිකයකු ලෙස මෙම තරුණයා හදුනාගෙන තිබිණි. මේ අනුව පළමු වරට වැලිකන්ද කොරෝනා රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී ආසාධිතයකු බවට තහවුරු විය.

මොහු පළමුව වැලිකන්ද කෝවිඩ් රෝහලින් ප්‍රථිකාර ලබා අදාල නිවසට පැමිණ නිරෝධායනය වෙමින් සිට ඇත්තේ සිය මව සමගය. එහිදී දෙවන වරටත් යලි රෝග ලක්ෂණ පහල කිරිමේන් පසු සැප්තැම්බර් 17 දින අසනිපව සිටියදී හලාවත රෝහලේ කොවිඩ් ඒකකයට ඇතුලත් කර ඇත.

එහිදි පි.සි.ආර්. පරික්ෂණ වලදී නැවතත් ඔහු කෝවිඩ් ආසාධිකයකු බව සනාථ විමෙන් පසු මෙම තරුණයා ඉරණවිල කෝවිඩ් රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබා යලි නිවසට පැමින තිබේ.

පසුව නිරෝධායන ක්‍රම වේදයන් යටතේ මෙම තරුණයා නිවස තුළ රදවා නිරෝධායනයට ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ සෞඛ්‍ය කාර්ය මංඩලය කටයුතු කර තිබුණි.

මේ අතර යලිත් පසුගිය 2 දින (ඔක්. 02) නිරෝධායනය වෙමින් සිටියදී නැවතත් අසනිපව හලාවත මහ රෝහලේ කෝවිඩ් ඒකකයට යවා තිබේ.

එහිදී යලිත් පි.සි.ආර්. පරික්ෂණ වලට යොමු කිරිමේන් පසුව තුන්වන වරට ද කෝවිඩ් 19 ආසාධිතයකු ලෙස මෙම තරුණයා වාර්තා වි ඇති බව සෞඛ්‍ය අංශ සනාථ කරයි. මේ අතර ශ්‍රී ලංකාව තුළ තෙවැනි වරටත් කෝවිඩ් ආසාධිතයකු ලෙස වාර්ථා වු පළමු රෝගියා මොහු බවට වාර්තා වන බව ප්‍රදේශීය සෞඛ්‍ය බළධාරීහූ පවසති.

 

Leave A Reply

Your email address will not be published.

4 × five =