කොරෝනා වැළඳුණු කාන්තාවගේ එක් දැරියකට හැර අනෙක් අයට වෛරසය ආසාදනය වී නෑ

කොරෝනා වැළඳුණු ඇඟලුම් සේවිකාව ගේ දියණියට ද ඊයේ (04) දිනයේ කොරෝනා වෛරසය ආසාදිතව ඇති බව සොයා ගැනීමෙන් පසු එම දැරිය ඉගෙනුම ලැබූ පන්තියේ සිසු සිසුවියන් 31 දෙනකු හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ද නිරෝධායන කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අංශ පැවසීය.
මේ අතර එම පවුලේ පියා සහ අනෙක් දරුවන් තිදෙනාට කොයිඩ් වෛරසය ආසාදනය වී නොමැති බව අද(05) දිනයේ හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

මෙම කොරෝනා වෛරසය ආසාදනය වූ සිසුවිය දිවුලපිටිය ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලැබූ අතර ඇය පසුගිය මාසය පුරාම නොකඩවා පාසල් පැමිණ ඇති බවද බව ද විදුහලේ විදුහල්පතිවරයා සඳහන් කළේය.

එම සිසුවියගේ පන්තියේ ඉගෙනුම ලැබූ සිසුන් හා ඔවුන්ගේ පවුල්වල පිරිස් ද ගුරුවරු පිරිසක් නිරෝධායනයට ලක් කිරීම සඳහා ඔවුනගේ නාමලේඛන විදුහල්පතිවරයාගෙන් ලබා ගැනීමට සවසම කටයුතු කරනු ලැබීය.

Leave A Reply

Your email address will not be published.

eleven + 15 =