දේශපාලන පළිගැනීම්වලට එරෙහිව ඉංජිනේරු සංස්ථා සේවකයෝ රැස්වෙති

මෙම  ආණ්ඩුව බලයට පත් වීමෙන් පසු ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව තුළ එම පරිපාලනය විසින් ගෙන යන අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් සංස්ථා සේවකයන් දැඩි පීඩාවකට ලක්ව ඇති බව ඒකාබද්ධ ඉංජිනේරු සංස්ථා සේවක කමිටුව පවසයි. මේ වන විට ඉංජිනේරු සංස්ථාවේ දේශපාලන පළිගැනීම් ලෙස සේවකයන් 150 දෙනකු සේවයෙන් ඉවත් කර ඇත. පරිපාලන නිලධාරීන් ඇතුළු තවත් 20 දෙනකුට ආසන්න පිරිසකට ස්ථානමාරු වීම් ලබා දී තිබේ.
මේ වන විට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව දැවැන්ත මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති අතර, මේ හේතුවෙන් නියමිත දිනට වැටුප් නොගෙවීමත්, සේවකයන්ට මෙතෙක් ලබා දෙමින් තිබූ දීමනා කප්පාදුවත් ඇතුළු සේවක අයිතීන් ගණනාවක් කප්පාදුවට ලක් කර තිබේ.
මේ සම්බන්ධව ඉදිරි පියවර සාකච්ඡා කිරීම සඳහා ඒකාබද්ධ ඉංජිනේරු සංස්ථා සේවක කමිටුව එළැඹෙන ඔක්තෝබර් 7 වැනි දින කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ දී විශේෂ සේවක හමුවක් කැඳවා ඇතැයි, එම කමිටුවේ ප්‍රකාශයෙක් ‘ලංකා ඉරිදා සංග්‍රහය’ වෙත ප්‍රකාශ කළේ ය.

Leave A Reply

Your email address will not be published.

8 − 7 =