“‘චේ’ සෑබෑ විලාසිතාවක් කරගමු”

ආදරය වෙනුවෙන් ගුටි බැට, මිනීමැරුම්, සියදිවිනසාගැනීම් අහන්න දකින සිදුවෙන වටපිටාවක, ආදරය කියන වචනයට වෛර කරන්නට පෙළඹුණු තාරුණ්‍යයක් උරුම කල මොහොතක ඔහු, ආදරයට නැවුම් සාධාරණීකරණයක්, අර්ථයක් ලබාදෙන්නට සමත් වුණා. ඔහු ආදරය කළේ දුක්විදින ජනතාවට, තම දහඩිය, ලේ මේ පොළොව මත හලමින් තම රට ඉදිරියට ගෙනයන මිනිසුන්ට, මුළු ජිවිත කාලය පුරාවට තම ජීවිතය හොයායන වැඩකරන මිනිසුන්ට. එය නම් සැබෑ මානව ප්‍රේමයක්.
තම අත ඇති වෙද නළාව පසෙක තබා ඒ මොහොතේ රට වෙනුවෙන් කළ යුතු දේ අවි අත දැරීම නම්, ඔබ විමසිමකින් තොරව එය සිදුකරනවාද? එහෙම සිදුකල හැකිවෙක් සිටීද? ඔව්, හිටියා. එහෙම කරපු කෙනෙක් හිටියා. ඒ ඔහු. ඔහු එහෙම කළා. ජීවිතේ ලස්සනම, විනෝදකාමීම කාලය කිසිම පැකිළීමක් නැතිවම අධිරාජ්‍යවාදීන්ගෙන් ඒ මොහොතේ රට ගලවාගැනීම වෙනුවෙන් තම ජීවිතය දුන්නා. අවිය දෑතේ රදවාගෙන අවශ්‍ය ඕනම වෙලාවක තම වෙද නළාව වුව මේ අරගලයේදී අතට ගන්නට, ඒ වෙනුවෙන් නොපැකිලිව ඉදිරිපත් වුණා. ඒ අනෙකෙකු නොව ඔහු “චේ ගුවේරා“.
අසීරු, අවිනිශ්චිත මොහොතක වේද, එතන ඔහු . තවත් කෙනෙක් පවසන්නටත් කලියෙන් ඒ අවශ්‍ය මොහොතේ ඔහු සිදුකල යුතු දේ කර හමාරයි. කිසිදිනක අසීරුකම්, අමාරුකම්, යන ගමනට බාධාවක් කර ගැනීම ඔහුගේ පුරුද්ද නෙවේ. නමුත් අපි අමාරුකම, අසීරුකම ඉදිරියේ පුරුදුවෙලාම ඉන්නේ අඩි 2ක් පස්සට යන්න. මොකද අධිරාජ්‍යවාදීන්ට , ඔවුන්ගේ අතකොළුවන් බවට පත්වෙලා ඉන්න රටේ පාලකයන්ට ඕන එහෙම ආපස්සට අඩිය තියන මිනිස්සු. එදාත් ඒ වගේ . හැබැයි ඒ වෙලාවේදි ‘චේ’ එහෙම අඩිය පස්සට තිබ්බේ නෑ. තව අඩි 2ක් ඉස්සරහට තිබ්බා. තම සතුරා ඉදිරියේ බිය ගුල්ලෙකු වගේ පලා ගියේ නෑ. ඔවුන්ට මුහුණ දුන්නා. ඒකයි අධිරාජ්‍යවාදීන්ටත්,පාලකයන්ටත් මොහුව හිසරදයක් වුනේ. හිසරදය හොද කරගන්න මොහු මරා දැමිය යුතුයි යන අනුවණ ක්‍රියාව නොකරන්නටත් අදත් ‘චේ’ ජීවතුන් අතර. නමුත් ඒ තාවකාලීක තීන්දුව ඔහුන්ගේ හිසරදය හමාර කලා යැයි සිතුවත් තව තවත් ‘චේ’ වැපුරූ බිජු දළුළන්නට පටන්ගත්තේ ‘චේ’ වැන්නවුන් භෙතිකව මරා දමා මෙය අවසන් කළ නොහැකි බව පසක් කරමින්.
කණාගටුවට කරුණක් වන්නේ ජිවත් වුන් චේටත් වඩා මරා දැමු ‘චේ’ ජනතාව වැළදගනිමින් සිටිම, අධිරාජවාදී පාලකයන්ගේ හිසරදය පෙරටත් වඩා වැඩිකර තිබිමයි. එම නිසාම ඔවුන් ‘චේ’ ගැන සැබෑ කියවාගැනීම වෙනුවට හුදෙක් තම හිසෙහි දමා සිටින තොප්පියේ පින්තූරයකට, බෙල්ලේ දමා සිටින මාලයට, ඇඳ සිටින ටී ෂර්ට් එකේ පින්තූරයකට ගෙන විලාසිතාවකට පමණක් ‘චේ’ කියන චරිතය ලඝු කරන්නට උත්සහ ගෙන තිබේ. එහි ප්‍රතිඵලය අද තාරුණ්‍ය ‘චේ’ පිළිබදව නිවැරදි කියවා ගැනීමකට යොමු නොවී තිබේ. ‘චේ’ සතු ගුණාංගයන් තම විලාසිතාව කරගන්නේ නම් හුදෙක් එය නිවැරදිව ‘චේ’ වැළදගැනීමක් වනු ඇත.
පෙරටත් වැඩිය අදටයි, චේ අවැසි. අදයි ඔහුව අවශ්‍යම මොහොත. ඔහුගේ විප්ලවීය ගුණාංග, ඔහුගේ අධිෂ්ඨානය, අඛන්ඩව යමක් දරා සිටීමේ හැකියාව, වැඩකිරීමට ඔහු සතු වු හැකියාව මේ සියල්ලම අදයි අවැසි. ඔහු අප හැරගිහින්. නමුත් ඔහු මේ සියල්ල අපිට ඉතිරි කරගොස්. තවත් විදිහකින් කියනවානම් ඔහුගේ ආදර්ශය ඉතිරි කර ගොස්. ඒ ආදර්ශය වචනයේ පාරිසාප්තයෙන්ම අපිට නිවැරදි මග පෙන්වන සිතියමක්, සිත්තමක්.
තව තවත් අධිරාජ්‍යවාදීන්ගේ, ධනවාදී පාලකයන්ගේ අතකොළු වී, වෙන දෙවල් දෙස බලා හූල්ලනවා වෙනුවට සටන් කරමු. ‘චේ’ගේ ආදර්ශය අප අත දැරු අවිය කරගමු. එයයි ‘චේ’ට දිය හැකි ගෙරවය. ආදරය. එවිටයි ‘චේ’ අපේ සැබෑ විලාසිතාව කරගත්තා වන්නේ. චේව සැබෑ විලාසිතාවක් කරගමු. ‘චේ’ වගේ වෙමු.
-උදාරි අයේෂා

Leave A Reply

Your email address will not be published.

11 + 17 =