දිවුලපිටිය කාන්තාවකට කොරෝනා -දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ඇදිරිනිතිය

දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව හඳුනාගැනීමෙන් පසු කොළඹ අයිඩීඑච් රෝහලට ඇතුළත් කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන අතර දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් බල පෙදෙස් වලට නැවත දැනුම් දෙනතුරු ඇදිරිනිතිය පනවා තිබේ.

මෙම කාන්තාව 39 හැවිරිදි වියේ පසුවන අතර උණ රෝගී තත්වයක් හේතුවෙන් ගම්පහ රෝහලට ඇතුළත් කර තිබේ. පසුව රෝහලේදී රෝගය සුව වී නිවසට යාමට පෙර කළ පීසීආර් පරීක්ෂණයේදී කොරෝනා ආසාදිතයකු බව හඳුනාගෙන ඇත.

එය තහවුරු වීමෙන් පසු ගම්පහ රෝහලේ කාර්ය මණ්ඩලයේ 15දෙනෙකු, එම කාන්තාව සේවය කළ ආයතනයේ කාර්ය මණ්ඩලයේ 40දෙනෙකු නිරෝධායනනයට යොමු කර තිබේ.

Leave A Reply

Your email address will not be published.

4 × three =