ආයුබොවන්ඩ බන්දුල
වැඩක් රාජකාරියක් කොරන්ඩ ගෙහුන් හත් පොළේ ගාගන්න හාදයන්ට අපේ අත්තල-මුත්තල නං කිව්වෙ දෙයියන්නෙ පොල් කාපු එව්වො කියලයි. පොල්ගෙඩිවලටත් වඩා ලොකු මොළගෙඩි තියෙනව ය කියන ඔහෙලා මේ දවස්වල දෙන පොල් ආතල් එක දරා ගන්ඩ බැරුව දැන් අපිට එලොව පොල් පේන්ඩ පටන් අරං තියෙන වග නමෝවිත්තියෙන්ම සිහිපත් කොරන්ඩ ඕනා.
තමුන්නැහැ චීන විස්ස විද්දියාලෙකින් සර්වලෝක බිස්නැස් ගැන ආචාරිය ද මොකක් ද කියන ලොකු පට්ටමක් අරගත්තු වෙලාවෙ අපි හිතුවෙ මින් මනත නම්, අර ඉස්සර කාලෙ දුන්න 2,500යෙ ටෝක්ස් වගේ ආතල් දෙන එක නතර කොරාවි කියලයි. ඒත් ඉතින් ඩඞ්ලිගෙ හාල් මෝලට පැනලා වළං බිඳපු පාරිබෝගිකෙ සබාපති හෙවත් පැන්සොං හමුදා ලොක්කගෙ අයිතිහාසික පොල් මිල සූත්තරේට ජැක් ගහන්ඩ ගිහින් “මං පරණ බන්දුලම තමා” කියල ඇඟිල්ලෙන් ඇනලම පෙන්නුම් කොරපු එක නං ඉල්ලන් කෑමක්ම තමා. පොල් ගැසට්ටුවට විහිඵ කොරන්නෙ ජාවාරම්කාරයෝ ය කියල ගහපු අලුත්ම බයිලාවෙන් තමුන්නැහැ ඇදලම නාගත්ත කියලයි නිල නොවන පොහොට්ටු ආරංචිමාර්ගවලින් දැනගන්ඩ ලැබෙන්නෙ.
ඵ කර්මාන්ත නඟාසිටුවන යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙන්ඩ ඇහැකියි. මේ වැඬේදි කර්මාන්ත අංසෙ බාරව ඉන්න ඔහේගේ ගජමිතුරු වීරවංස උන්නැහැවත් හවුල් කොරගෙන දේශප්‍රේමී පොල් ටේප් හා පොල් වළලු නිෂ්පාදකයන්ගේ ජාතික ප්‍රදර්ශනයක් වගේ එකක් වුණත් පවත්තන්ට බැරිකොමක් නැහැ.
බන්දුල ආචාරියතුමා වගේ වෙළඳ විජ්ජාවේ කෙළපැමිණි දැන උගත් පොරක් එක්ක කෙළින් හැප්පෙන්ඩ තරං කොන්දක් නැති වැඩ බැරි ටාසන්ලා වෙන්ඩැති නේද එකත් එකටම ඔය වගේ මුසාවාද පතුරුවනව ඇත්තෙ. තමුන්නැහැට කෝචොක් කොරන මෑන්ස්ලට හොඳ පාඩමක් උගන්නන්ඩත් එක්ක පොල් මිල සූත්තරය ඇසුරෙන් බිහි වුණ අලුත් ව්‍යාපාර තවත් සංවර්දනය කිරීම තමා දැන් කොරන්ඩ තියෙන නුවණක්කාරම වැඬේ ඇමතිතුමෝ. උපහැරණයක් හැටියට කියනව නං ආයිබොවන්ඩ ටේප් පටි හා මිනුම් වළලු නිස්පාදනය මගින් දේශීය සු
ඒ අව් අස්සෙ අඟල්-මීටර් පුරස්නයකුත් මතුවෙලාලු නේ ද සෑර්. ඔය වගේ කේසස් නං තඹ සතේකටවත් මායිං කොරන්ඩෙපා ආචාරියතුමෝ. ජාත්‍යන්තර කුමන්ත්‍රණ පවා පරද්දපු තමුන්නනැහැලට ඕවට විසඳුන් දෙන එක නිකන් කජු කනවා වගේ වැඩක් නෙ. දැක්ක නේද ඊයෙ පෙරේදා ගරු ජනපති උන්නාන්සෙ සර්කියුලර් ගැටලුවක් විසඳපු හැටි. අන්න ඒ කරමවේදෙම අනුගමනය කොරලා ඔහෙලට ලැබුණු ජනවරම අනුව මින් මනත අඟල් හා මීටර් අතර කිසිම වෙනසක් නැති බවට පොරකාසයක් නිකුත් කොළාම පුරස්නෙ සුරුස් ගාලා විසඳෙනව නෙ.
අනිත් අතට බන්දුල මැතිඳුනි, පොල් කෑමෙන් කොරෝනාවලටත් වඩා බයානක රෝගයක් වැළඳෙන බව මහැදුරු චන්න වගේ වයිද්දිය විසේසඥ්ඥයෙක් ලව්වා කියවා ගන්ඩ ඇහැක් උනොත් ඔය පොල් බෑ උස්සගෙන මාද්දිය සන්දර්සන පවත්තන විපක්සෙ ඇත්තන්ගෙ ඉතුරු හුළං ඩිංගිත්තත් නිකංම බැහැල යනවා සිකුරුයි. මොනව වුණත් ආයිබොවන්ඩ, අම්ම මුත්ත කිව්වවත් ආයෙත් නං පොල් මිල පහළ බහින්ඩ ඉඩ තියන එක නං නුවණට හුරු නැහැ. මොකද තමුන්නැහැලා රටේ සංවර්දනේ ගැන බොහොම දුර දිග කල්පනා කොරලා හඳුන්නා දීපු ටේප් – වළලු වියාපුරුති ඔක්කොම පැත්තකට විසිකොරල දාලා මළ පැනල ඉන්න ජනීජනයා මිල නග්ගපු උන් තොලොංචි වෙන්ඩ ය කියල පොල් ගහන්ඩ දේවාල ගානේ පෝලින් ගැහෙන්ඩ ඉඩ තියෙන හන්දයි
– විශ්වමිත්ර