දහස් ගණනක් පණපිිටින් වැළලිණි. ලෝකය බලා සිටියදී ඇය කෙමෙන් මිය ගියාය

ඒ මුහුණ දින 3 ක් තිස්සේ ආයාචනාත්මක දැසින් තමා අවට සිටි ජනතාවගෙන් උදවු ඉල්ලු 13 හැවිරිදි ඔමාරියා සන්චේස්ගේය. එහෙත් කිසි මිනිසෙකුට කොන්ක්‍රිටි කුලුණු වලට හා විසල් දොරකට සිරව මඩෙි සිට තමන් දෙස ලේ බැස කලුව ගිය දෑසින් බලා සිටි කෙලි පොඩිත්තිය බෙිරා ගත නොහැකිවිය. සිය තාක්ෂණය තුලින් විශ්වයම ඡයගන්නා බවට පුරසාරමි ඇද බාන මිනිසාට මඩෙි සිරව තමන් ඉදිරිපිට එළඹසිටි සිහියෙන් කතාකරමින් එහෙත් කෙමෙන් මිය යන ඒ වයස 13 ක දැරිවියගේ කකුල මත තිබූ කොන්ක්‍රීටි කුලුන හා දැවැන්ත දෙර ඇද දැමීමට භාවිතා කල හැකි තාක්ෂනයක් නොවීය . ඔවුහු දිය යටින් ගොස් ඇගේ කකුල් කපා දැමීමට සිතුහ. එහෙත් එය පවා විශ්වාසයකින් යුතුව කිරීමට ලෝකයට ඊට අවශ්‍ය සමිපත් නොවීය. එහෙයින් ඔවුහු දැරිය මේ මොහොතේ මිය යන විදිහ අරිට වඩා වෙිදනාවෙන් තොරයයි සිතුහ. එබැවින් ලෝකය බලා සිටියදී ඇය කෙමෙන් මිය ගියාය.
1985 නොවැම්බර් 13 වන දින රාත්‍රි 9. 10 ට කොලොමිබියාවෙි නෙවාඩෝ ඩෙල් රූයිස් ගිනි කන්ද පුපුරා ගියේය. ඔමාරියාගේ Armero. නගරය තිබුනේ කදු පාමුලය. ගිනි කන්දේ අධික රශ්මිය හා උනු ලාවා නිසා කන්ද වසා සිටි දැවැන්ත අයිස් තටිටුව දියවී කදු මුදුන හෝදාගෙන රොන්මඩ සමග මිශ්‍රවී පැයට කිලෝ මීටර් 50 ක වෙිගයෙන් සැතැක්මක් පලල මඩ ප්‍රවාහයක් නිර්මානය කරමින් නගරය සුනු විසුනු කරමින් ගලා ගියේය.එය
නගරයේ දැවැන්ත තටිටු නිවාස, පාලම්, විදියේ පහන් කනු බිමට සමතලා කළේය. 31 දහසක් පුරවැසියන් ඡිවත්වු නගරයක 25 දහසක් මිනිසුන් මේ මඩ ප්‍රවාහයේ සුන්බුන් වලට යටව පන පිටින් ගිලී ගියෝය. ඔමාරියා සන්චෙිස් සිටියේ තමන්ගේම නිවසේ දොරකට හා කොන්ක්‍රීටි තට්ටුවකට යටව ගෙල දක්වා මඩෙි සිරව සිරුර චලනය කළ නොහැකිවය.
දින තුනක් තිස්සේ ඇය මඩ සහිත ජලයේ සිරවී සිටි අතර ජලයට තැම්බුනු ඇගේ දෙඅත් ලේ රහිත සුදුපැහැයෙන් දිස්විය. සහන සේවකයින් මොන තරම් උතසාහයන් ගත්තද ඔමාරියා සිටි ස්ථානයෙන් අගලක් හෝ ඔවුනට සෙලවිය නොහැකිවිය. ඇගේ සන්සුන් භාවය ක්‍රමයෙන් වේදනාකාරී තත්ත්වයට පත්වෙද්දී කොලොමිබියානු ගුවන් විදුලිය හා රූපවාහිනය ඇය විදින වෙිදනාව ලෝකයට ප්‍රදර්ශනය කරමින් සිටියෝය. එහෙත් ලොව කිසිරටක තාක්ෂණික ක්‍රමවේදයක් එහිදී සාර්ථක නොවීය. මොන තරම් නම් ඇය වෙිදනාවෙන් සිටියාදැයි කියතොත් ඇය මෙසේ සෙමින් තොල් මතුලාය
‘‘ මට පාඩුවෙි ඉන්න දෙන්න ‍‍‘‘
ඉන්පසු සහන සේවකයෝ සිය සියලු උත්සාහයන් අතහැර දැමුහ. ඒ වෙිදනාත්මක මිමිනීමෙන් පැය 3 කට පසු ඔමාරියා සන්චේස් සියලු කොලොම්බියානුවන් හඩවමින් පැය 60 නිදිවැරූ ඒ අයාචනාත්මක දෑස නොවැම්බර් 16 වන දින දළ වශයෙන් උදෑසන 10:05 ට සදහටම පියා ගත්තාය. ඇගේ ජීවත්වීමට කල අරගලය පැය හැටකි . ඇගේ මරණය අවධාරනය කළේ ඇගේ රටේ ආපදා කළමනාකරණ චක්‍රයේ දැඩි නොහැකියාවයි. ඊට වෙනස්ව, ඔමෙයිරාගේ දුක්ඛිත තත්වය තුළ ඇයගේ ධෛර්යය සහ සහන සේවකයින්ගේ උත්සාහය බෙහෙවින් පැසසුමට ලක් විය. ඇයගේ මරණයට පැය කිහිපයකට පෙර ඡායාරූප ශිල්පී ෆ්‍රෑන්ක් ෆෝර්නියර් විසින් රූගත කරන ලද ඇයගේ ඡායාරූපයට 1985 වසරේ ලෝක පුවත්පත් ඡායාරූප සම්මානය හිමි විය.
මෙම ආයචනාත්මක දෑස බලපෑමි කලේ කොලොමිබියානුවන්ගේ හෘදය වස්තුවට පමණක්ද ?
ලෝකප්‍රකට ‍‍ලේඛිකාවක වන ඉසබෙල් ඇලන්ඩේ එවලෙ ඉන්නෙ කැලිෆෝනියානු රූපවාහිනියක් දෙස බලමින් . ඔමාරියාගේ මේ දර්ශන පෙල එහි දිගෑරෙන කොට ඇයට සිය පුටුවෙන් ඉබෙිම නැගිටිටෙනව. එදා ඉදන් ඔමාරියාගෙ ඒ ආයාචනාත්මක දෑසින් බලන් ඉන්න පිංතුරයක් තියෙනව මේ කීර්තිමත් ලේඛිකාවගේ ලියන මෙිසයේ මධ්‍ය යේ. නමුත් ඇයට ඒත් මදි ඇගේ මනුෂ්‍යත්වය ඇයට නිතර කියන්න පටන් ගත්ත මෙි පනපිටින් වැළලුනු අහිංසක දැරිය වෙනුවෙන් උඹ මොනවද කරන්නේ ? ඊට පස්සෙ ඉසබෙල් ඈත කොලොමිබියාවෙි ඒ පුංචි කෙල්ලගෙ වෙිදනාවෙි විදීම අකුරුවලට හරවනව ‘‘ ඉතින් අපි නිර්මාණය වුයේ මැට්ටෙනි ‘‘ කියල
ඉසබෙල්ගෙ ජීවිතයෙන් ඊට පස්සෙ ඔමාරියා අයින් වුනාද ? ඉසබෙල් හිතන් හිටියෙ එහෙමයි. නමුත් තවත් වසර ගාණකට පස්සෙ ඉසබෙල්ගෙ දුව පෝලා කොමා තත්වයට පත්වෙලා අසරණ දෑසින් ඇද ව‍‍ටෙි ඉන්න සියල්ලන් දෙස බලන් ඉන්දැද්දි ඇය වෙනුවෙන් ඇද වටේට බලන් ඉන්න දොස්තරලට මුකුත් කල නොහැකිව ඊටත් වඩා අසරණ වෙද්දි ඉසබෙල්ට මතක්වෙනව මගෙ දෙයියනේ ඔමාරියත් එදා බලන් ඉන්න ඇත්තෙ මෙහෙම නේද කියල ! අපේ උදවු පතමින් නමුත් අපිට නොහැකි නිසා මිය යමින් නමුත් ඉවසීමෙන් අවසානය දක්වා තමන්ම සටන් කරමින්. මරණය හමුවෙි අවසානයේ කිසිත් මැසිවිල්ලක් නොනගාම යටත්වෙමින්.
-උපාලි ජයසිංහ

 

Leave A Reply

Your email address will not be published.

fifteen + eleven =