Hikvison අලෙවිකරුවන්ට Sell-X වෙතින් ඇගයීමක්

දකුණු ලක පරිගණක සහ සී.සී.ටී.වී. කැමරා අලෙවියේ හා බෙදාහැරීමේ ප්‍රමුඛයා වන Sell-X පෞද්ගලික සමාගම Hikvison සී.සී.ටී.වී. කැමරා අලෙවි නියෝජිතයන් හා පාර්ශ්වකරුවන් මූල්‍යමය වශයෙන් ඇගයීමට ලක් කරයි.

Hikvison සී.සී.ටී.වී කැමරා අලෙවි නියෝජිතයන් හා පාර්ශ්වකරුවන් අනූවකට වැඩි සංඛ්‍යාවක් Sell-X පෞද්ගලික සමාගම සමඟ සම්බන්ධ වී සිටින අතර, ඔවුන්ගෙන් වැඩිම අලෙවියක් වාර්තා කළ අය අගය කිරීමට ලක් කළේ මූල්‍යමය වශයෙන් හා තවත් දිරිගැන්වීම් ලබාදෙමින් ය.

Hikvison ආයතනය සී.සී.ටී.වී. කැමරා අලෙවි හා සවි කිරීම් කටයුතු කරන බිම් මට්ටමේ අලෙවි නියෝජිතයන්ට සිය ප්‍රතිලාභ බෙදාහැරීමේ වැඩසටහනක් පසුගිය වසරේ අවසන් කාර්තුවේ දී ආරම්භ කළේ ය. එම ප්‍රතිලාභවලට Sell-X පෞද්ගලික සමාගම සිය දායකත්වය ද ලබා දී ඉහළ මූල්‍යමය වටිනාකමක් සහිතව සිය අලෙවි නියෝජිතයන් හා පාර්ශ්වකරුවන් අගය කිරීමට ලක් කළේ ය. එහිදී මූල්‍යමය ප්‍රතිපාදනවලට අමතරව පසුගිය වසර පහ තුළ දී Hikvison නිෂ්පාදන වැඩියෙන්ම Sell-X පෞද්ගලික සමාගමෙන් ලබා ගත් අලෙවි නියෝජිතයකුට මෝටර් රථයක් ද ප්‍රදානය කළේ ය. මීට අමතරව සංචාරක හෝටල් පැකේජ ඇතුළු ත්‍යාග රැසක් ද සිය පාර්ශ්වකරුවන් හා අලෙවි නියෝජිතයන් අතර බෙදා දුන්නේ ය.

මෙරට Hikvison සී.සී.ටී.වී. කැමරා බෙදාහැරීමේ කලාපීය ප්‍රමුඛයා වන Sell-X පෞද්ගලික සමාගම පසුගිය වසර හතරෙන් තුනක දී ම පළමු ස්ථානයට ද පත් වූයේ පාරිභෝගිකයන්ට විශිෂ්ට සේවාවක් ලබා දෙමිනි●

පුෂ්ප එපිටකඩුව

Leave A Reply

Your email address will not be published.

19 − 4 =