හර්යානාවෙන් ලද මුදල් ගැන කබඩියෙන් ප්‍රශ්න කරයි

කබඩි සම්මේලනයට ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයෙන් ලැබුණු රුපියල් ලක්ෂ 10ක මුදලක් නිලධාරියකුගේ පෞද්ගලික ගිණුමට බැරකර ගැනීම හා ඉන්දියාවේ පැවති 12වැනි දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේ දී ජයග්‍රහණ වෙනුවෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් පුහුණුකරුවන්ට බෙදා දීම සඳහා කබඩි සම්මේලනයට ලබා දුන් රුපියල් 4,50,000.00ක මුදල අදාළ පුහුණුකරුවන්ට නොගෙවීම සම්බන්ධ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ සභාපති අනුර පතිරණ විමසූ විට ඔහු පවසා සිටියේ, කබඩි මූල්‍ය වංචාව හෙළිකර ගැනීමට අවශ්‍ය සියලු‍ සහයෝගය තමන් ලබා දෙන බවයි.

මෙම මූල්‍ය අක්‍රමිකතාව පිළිබඳව මෙයට මාස කිහිපයකට උඩ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සභාපතිවරයාගෙන් සහ ලේකම් ආර්. සහීවන්ගෙන් ප්‍රශ්න කරනු ලැබිණි.

කබඩි සම්මේලනයට ලැබී ඇති මුදල් පෞද්ගලික ගිණුමකට බැරකර ගැනීම හේතුවෙන් එය මුදල් අවභාවිතාවක් ලෙස සලකා ක්‍රීඩා පනතේ රෙගුලාසිවලට අනුකූලව මුදල් අවභාවිත කළ සංගමයේ ලේකම්වරයාට හා උප ලේකම්වරයාට දඬුවම් නියම කිරීමට හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පියවර ගෙන තිබිණි.●

 

චතුර චාමින්ද

Leave A Reply

Your email address will not be published.

twenty − 12 =