කඩාවැටුණු ගොඩනැගිල්ලේ හිමිකරු 13 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

තරුණ පවුලක් මරණයට පත් වෙමින් මහනුවර බූවැලිකඩ කඩාවැටුණු පස් මහල් ගොඩනැගිල්ලේ හිමිකරු අනුර ලෙව්කේ ලබන 13 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර මහේස්ත්‍රාත්වරයා අද (29) නියම කළේය.

පසුගිය 20 වැනිදා අලුයම මහනුවර, බූවැලිකඩ සංඝමිත්තා පාර ප්‍රදේශයේ පස් මහල් ගොඩනැගිල්ලක් තවත් ගොඩනැගිල්ලක් මතට කඩා වැටීමෙන් එහි සිටි මාස එක හමාරක් වයසැති බිළිඳියක සහ ඇයගේ මව සහ පියා ජීවිතක්ෂයට පත්විය.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය විසින් සිදුකරනු ලැබූ දීර්ඝ විමර්ශනයකට අනුව ගිලා බසින ලද එම ගොඩනැගිල්ලේ හිමිකරු වන අනුර ලෙව්කේ අද උදෑසන මහනුවර පොලිස් ස්ථානයට කැඳවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.

Leave A Reply

Your email address will not be published.

eighteen + 9 =