පොලිසියේ 85,000න් 38,000ක් මැති-ඇමැති ආරක්ෂාවේ !

පොලිස් සේවයේ සිටින නිලධාරීන් 85,000කින් 38,000ක්ම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා ලබා දී තිබෙන බව අභ්‍යන්තර ආරක්ෂක රාජ්‍ය ඇමැති චමල් රාජපක්ෂ පැවසී ය.
එම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ලබා දී තිබෙන ආරක්ෂාව කිසිලෙසකින්වත් වැඩි නොකරන බව ද පසුගිය 23දා පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඇමැතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය. පොලිස් නිලධාරීන් සිටින්නේ මන්ත්‍රීවරුන්ගේ ෆයිල් සහ බෑග් උස්සාගෙන යාමට නොවන බවත්, ඒ සඳහා පොලිසියේ නිලධාරීන් ලබා නොදෙන බවත් ඔහු කීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමිව තිබූ පොලිස් නිලධාරීන් සිව් දෙනකුගේ ආරක්ෂාව දෙදෙනකු දක්වා අඩු කර ඇති බවත්, එම සංඛ්‍යාව නැවත හතර දෙනකු දක්වා වැඩි කරන ලෙසත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ කළ ඉල්ලීමකට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ කරුණු සඳහන් කළේ ය.

Leave A Reply

Your email address will not be published.

12 − twelve =