භීතියේ ආධිපත්‍යය – ඉස්ලාමීය ජනපදය ඇතුළත


මානව ඉතිහාසය සලකා බැලූවොත්, එහි විටින් විට මිනිස් සංහාර සිදු වී තිඛෙන්නේ විවිධ සාධක හේතුවෙන්. අතීතයේ පොම්පේ නගරය සහ එහි පුරවැසියන් විසූවියස් ගිනිකන්ද පුපුරා යාම හේතුවෙන් පණපිටින් වැළලූණු සිද්ධියේ පටන් විසිවන සියවසේ ඉන්දුනීසියාවේ ක්‍රැකටෝවා ගිනිකන්දේ පිපිරීම හරහා මෑත ඉතිහාසයේ ඉන්දියානු සාගරයේ ඇතිවුණු සුනාමිය තෙක්ම ස්වාභාවික උපද්‍රවවලින් මිනිස් ජීවිතවලට හානි පැමිණුණා.


ඒ වගේම 18 වන ශතවර්ෂයේ ඛෙංගාලි සාගතය සහ උතුරු ඉන්දියානු සාගතය, ඉන්පසු 19 වන ශතවර්ෂයේ මැද භාගයේ අල වගාවට හානි පැමිණීමෙන් අයර්ලන්තයේ ඇති වූ මහා සාගතයේ සිට 1907 චීන සාගතය, 1921 රුසියානු සාගතය, 1932 සෝවියට් සාගතය, 1943 ඛෙංගාලි සාගතය, 1945 වියට්නාම් සාගතය, 1958 චීන සාගතය, 90 දශකයේ උතුරු කොරියාවේ සාගතය වැනි මහා සාගත හේතුවෙන් ද මිලියන ගණනක් මිනිස් ජීවිතවලට හානි පැමිණුණා. ඊට අමතරව යුරෝපයේ ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයකට මරු කැඳවූ 14 වන ශතවර්ෂයේ ඇති වූ මහා වසංගතය ද, ඉන් පසු වසූරිය, ක්ෂය රෝගය, මැලේරියාව, ඉන්ෆ්ලූවෙන්සා, කොලරාව සහ මෑත කාලයේ ඒඩ්ස් රෝගය දක්වා රෝගාබාධ වැළඳීම හේතුවෙන් ද මානව ඉතිහාසය පුරාවටම බිලියන ගණනක් මිනිස් ජීවිත මෙලොවින් සමුගත්තා.


මිනිස් සංහාරයට මුල් වූ ප්‍රධානතම සාධකය සලකා බැලීමේ දී පළමුවන සහ දෙවන ලෝක යුද්ධ ඇතුළුව ව්‍යාප්තවාදය සඳහා වේවා, භෞමික අඛණ්ඩතාවන් සඳහා වේවා, දේශසීමා අරගලයන් වෙනුවෙන් වේවා ලොව පුරා සිදුවුණු යුද්ධයන් ද මානව ඉතිහාසය පුරාවටම වැඩිම මිනිස් ජීවිත හානියක් කරන්නට සමත් වූ සාධකයක් බවට පත්වෙනවා. මෙලෙස ස්වාභාවික උපද්‍රව, සාගත, වසංගත සහ යුද්ධවලට අමතරව ඉතිහාසයේ වැඩිම මනුෂ්‍ය ඝාතක සාධක ‘ටොප් ෆයිව්’ නැතහොත් මුල් පහට එන අනෙක් කරුණ කුමක් දැයි මා කිවහොත් එය ඔබව පුදුමයට පත් කරවාවි. ඒ නම්, ආගමයි. ඔව්, ඔබත්, මමත්, මෙලොව අති බහුතරයකුත් වෙන් වෙන්ව හෝ එකට අදහන ආගමයි. පසුගිය වසර 2,000 පුරාවටම පෙර සඳහන් කළ කරුණු හතරට සමානව ආගමත් මිනිස් සංහාරයට මුල්වුණා. මිනිසා ජීවත් කරවන ආගම් කෙසේ ද මිනිස් ජීවිත නැති කරන්නේ ? ඔබ ප්‍රශ්න කරන්නට පුළුවන්. ආගම එයට දායක වන්නේ යුද්ධය හරහා. ආගම වෙනුවෙන් මිනිසා එකිනෙකා අතර යුද වැදීම ආගම් ආරම්භයේ සිටම පැවත ආවා. 14 වන ශතවර්ෂයේ ඔටෝමාන් තර්ජනය, 15 වන ශතවර්ෂයේ හස්වාදීන් මැ~පැවැත්වීම, කුරුස යුද්ධ, ස්විට්සර්ලන්තය හරහා විහිදුණු 2 වන කැපැල් යුද්ධය, 15 වන ශතවර්ෂයේ අයිබීරියා/උතුරු අප්‍රිකා/නැගෙනහිර යුරෝපියානු යුද්ධය, 16 වන ශතවර්ෂයේ ජර්මානු ගොවියන්ගේ යුද්ධය, 16 වන සියවසේ ප්‍රංශ ආගම් යුද්ධ, තිස් අවුරුදු යුද්ධය, අට අවුරුදු යුද්ධය වාගේම නූතනයේ ඊශ්‍රායල-පලස්තීන, පකිස්ථානු – ඉන්දියානු, ඇබිසීනියා – සෝමාලියා, නයිජීරියානු ගැටුම්, බෞද්ධ නැගීම, චීනයේ ගැටුම්, ලෙබනන් සිවිල් යුද්ධය, යුගෝස්ලෝවියානු යුද්ධය, සුඩාන සිවිල් යුද්ධය ඉන් උදාහරණ කිහිපයක් ලෙසට පෙන්වා දිය හැකියි. මෙලෙස ලොව ප්‍රධානතම ආගම් වන ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු, යුදෙව් සහ බෞද්ධාගම මුල්කරගෙන ඇති වුණු අති බිහිසුණු, අති කෘෘර, අති ප්‍රචණ්ඩකාරී යුද්ධ, මිනිස් රුධිරයෙන් අප වෙසෙන මිහිතලය තෙත් කරන්නට සමත් වුණා. ආගමික අන්තවාදීන් හෝ බොහෝ විට අන්තවාදීන් ලෙස ක්‍රියාකරන අවස්ථාවාදීන් විවිධ ආගම් සහ එම ශාස්තෘෘවරුන්ගේ දේශනා, ඔවුන්ගේ වාසියට හැරවෙන පරිදි නව අර්ථකථන දීමෙන් හා අනුවර්තනය කිරීමෙන් ඇති කළ ක්‍රියාකලාපයන් මෙම යුද්ධවලට පදනම් බවට පත්වුණා. මා එම දීර්ඝ හැඳින්වීම කළේ වර්තමානයේ ශ්‍රී ලාංකික අපට මුහුණ දීමට සිදු වී ඇති ඉතාමත් අමිහිරි වාතාවරණයක් පිළිබඳව ඔබ හමුවේ මගේ අදහස් දිගහැරීමට ප්‍රවේශයක් ලෙසයි.


පසුගිය අප්‍රේල් විසිඑක් වන පාස්කු ඉරිදා ශ්‍රී ලාංකික ප්‍රජාවට එල්ල කළ ත්‍රස්තවාදී ප්‍රහාරයේ වගකීම අයිසිස් සංවිධානය අරගෙන තියෙනවා. අයිසිස් යන වචනය දැන් අපේ ජනවහරේ වඩාත්ම බහුලවම භාවිත වන වචනය බවට පත් කරන්නට එම ක්‍රියාවලිය මුල් වී තිඛෙනවා. අයිසිස් යනු මා ඉහත සඳහන් කළ ආගම් යුද්ධ ඉතිහාසයේ අන්තවාදී පෙරගමන්කරුවන්ගේ පරපුරේ නවතම සාමාජික සංවිධානයයි. 1999දී ආරම්භ වුණු අයිසිස් සංවිධානය 2003දී ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ඉරාකය ආක්‍රමණය කළ විට ඉරාක කැරලිකරුවන්ට සහාය පළ කරමින් යුද වැදුණා. 2014දී ඔවුන් තමන් මුළු ලොව පුරා පැතිරී ගිය මහම්මත්තුමාගේ පරම්පරාවෙන් පැවත එන රජුගේ රාජ්‍යයක් ගොඩනඟන බව ප්‍රකාශ කළා.


මොහොතකට අපි ඇමෙරිකා එක්සත් ජනපදය දෙසට හැරෙමු. ඇමෙරිකානු ඉතිහාසයේ දීර්ඝතම යුද්ධ දෙක වන ඇෆ්ගනිස්ථාන යුද්ධය සහ ඉරාක යුද්ධය, පිළිවෙළින් වසර 18ක් සහ 16ක් ගෙවී ඇතත්, තවම අවසන් වී නැහැ. නොඛෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ ජනපති ඔබාමාට පවා තම ධුර කාල දෙකම ගත කරලාත් එම යුද්ධය අවසන් කළ හැකි වූයේ නැහැ. ලංකාවේ විදේශ කටයුතු ඇමති හා සමාන ධුරයක් ලෙස ඇමෙරිකාවේ සැලකෙන්නේ රාජ්‍ය ලේකම්වරයායි. 2016 ඇමෙරිකානු ජනාධිපතිවරණයේ දී ජනපති ඔබාමාගේ රාජ්‍ය ලේකම්වරිය වූ හිලරි ක්ලින්ටන්ට එරෙහිව තරග වැදුණු වර්තමාන ජනපති ට්‍රම්ප්, ඡන්ද ව්‍යාපාරය තුළ දී ඇයට කළ ප්‍රධානතම චෝදනාවක් වූයේ, අයිසිස් ත්‍රස්තවාදී සංවිධානය බිහි කිරීමට ඇය මූලික වූ බවයි. ඔහු පෙන්වා දුන්නේ ජනපති ඔබාමාගේ සහ ඇයගේ විදේශ ප්‍රතිපත්ති සහ ඉහත යුද්ධ නිමකරන්නට අපොහොසත් වීම, ඇමෙරිකාවට තර්ජනයක් ලෙස අයිසිස් සංවිධානය බිහි වීමට මඟපෑදූ බවයි.


අයිසිස් යන නම ලොව ප්‍රචලිත ගෙවුණේ 2014දී. ඉහත ප්‍රකාශනයත් සමඟ අයිසිස් නායකයන් ලොව පුරා වෙසෙන ජනතාවගෙන්, විශේෂයෙන් තරුණ තරුණියන්ගෙන් බටහිරට එරෙහිව ගෙන යන ආගමේ නාමයෙන් ශුද්ධ වූ මෙම සටනට සම්බන්ධ වන ලෙසට විවෘත ආරාධනාවක් කළා. උතුරු ඇමෙරිකාවේ සහ යුරෝපයේ ගැටවර ගැටවරියන් දහස් ගණනින් ඔවුන්ගේ නිවෙස්, රටවල් හැර දමා සිරියාවට ගොස් අයිසිස් සංවිධානයට සම්බන්ධ වන්නට යන අයුරු වීඩියෝගත කර වෙබ් එකට මුදාහැර තිබුණා. ගැටවරයන් අයිසිස් සටන්කාමීන් ලෙස සටනට එක් වූ අතර, ගැටවරියන් අයිසිස් බ්‍රයිඩ්ස් නැතහොත් අයිසිස් මනාලියන් ලෙස සටන්කාමීන්ගේ බිරින්දෑවරුන් ලෙසට ඔවුන්ට දරුවන් බිහි කිරීමට විවාහ කරවනු ලැබුවා. එවකට ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය හැර එලෙස අයිසිස් මනාලියන් වීමට ගිය යෞවනියන්ගේ වර්තමාන තත්ත්වය නම් ඉතාම ශෝචනීයයි. ඒ ගැන පසුදිනෙක කතා කරන්නට බලාපොරොත්තු වෙමින් මා අයිසිස් මාතෘකාවේ ඉදිරියට යන්නම්.


වර්තමානයේ එය ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය ඇතුළුව ලොව පුරා රටවල් 18ක ක්‍රියාත්මක වන අතර, අනාගතයේ දී මාලි, සෝමාලියා, බංග්ලාදේශය, ඉන්දුනීසියාව සහ පිලිපීනයේ ද ක්‍රියාත්මක වීමට ඔවුන්ගේ සැලසුම් හෙළි කරනු ලැබ තිඛෙනවා. වර්ෂ 2015දී අයිසිස් සංවිධානයට සටන්කාමීන් 30,000කට වැඩි ප්‍රමාණයක් සම්බන්ධ වී සිටි අතර වසරකට ඩොලර් බිලියනයකට වැඩි බජට් එකක් හිමි වුණා.


2014දී ලොව කැළඹූ මෙම අයිසිස් පුවත, ඔවුන් ගැන අධ්‍යයනය කරන්නට මා පෙළඹවූවා. එයට සුදුසු විශ්වසනීය මූලාශ්‍රයක් සොයමින් සිටි මා හට 2015දී බී.බී.සී. ප්‍රවෘත්ති සේවයේ වාර්තාකරුවකු වූ බි්‍රතාන්‍ය ජාතික ඇන්ඩෘ හොස්කන් විසින් රචිත Empire of Fear: Inside the Islamic State යන ග්‍රන්ථය හමු වුණා. එය ශ්‍රී ලංකාවේ මිලට ගැනීමට නොතිබූ බැවින්, මා ඇමසන් වෙබ්සයිට් එක හරහා එම ග්‍රන්ථයේ ඊබුක් එකක් ගෙන කියවූවා. ඇන්ඩෘ හොස්කන් යනු බී.බී.සී.යේ අයිසිස් වාර්තාකරණය සම්බන්ධව විශෙෂඥයා වූ මාධ්‍යවේදියායි. එම ග්‍රන්ථය ඔහු ප්‍රධාන කොටස් තුනක් හරහා අයිසිස් සංවිධානය පිළිබඳව විවරණයක යෙදෙනවා. මුල් කොටස නම් අයිසිස් ආරම්භයට සහ ස්ථාපිත වීමට මඟපෑදූ සාධකයි. දෙවැනි කොටස එයට මූල්‍යමය ආධාර ලැඛෙන මාර්ග සහ ක්‍රමෝපායනුයි. තෙවැනි කොටස අනාගත ව්‍යාප්තිය සඳහා ඔවුන්ගේ සැලසුම් සහ ක්‍රියාමාර්ගයි.


අයිසිස්ට අවශ්‍ය කුමක් ද? ඇයි එය මෙතරම් මිනිසුන් ඝාතනය කරන්නේ? එම ප්‍රශ්නවලට පිළිතුරු හෝස්කන් තම පොත හරහා සපයනවා. පොත ආරම්භයම මා සසල කළා. ආරම්භයේම ඇත්තේ අයිසිස් නව ලෝක ආඥාව පිළිබිඹු කරන ලෝක සිතියමක්. ස්පාඤ්ඤයේ සිට ග්‍රීසිය හරහා බෝල්කන් ප්‍රදේශය ද, ඉන්දියානු අර්ධද්වීපය සහ අප්‍රිකානු මහද්වීපයේ ඉහළ භාගය ද කළු පැහැයෙන් ඉස්මතු කරමින් එම අයිසිස් සිතියම අනාගත වසර පහ තුළ (2020 වන විට) තම සංවිධානයේ ව්‍යාප්තිය සැලසුම් කර ඇති අයුරු පෙන්වා දෙනවා. ඒ වන විට අයිසිස් ලිබියාව සහ ටියුනීසියාව තුළ ද ස්ථාපිත වී තිබුණා. මෙම රටවල් දෙකේම සිට යුරෝපයට ඇත්තේ බෝට්ටුවකින් යා හැකි තරම් කුඩා දුරක් වීම විශේෂයි. අයිසිස් ක්‍රමෝපාය හා සංසන්දනය කළ විට අල් ඛයිඩා සංවිධානය මැදහත් අදහස් ඇති සංවිධානයක් බවට පත්වෙනවා. ඔවුන්ට මූල්‍යමය ආධාර සැපයෙන්නේ ප්‍රාදේශීය ඛනිජ තෙල් සැපයුම්, මහා පරිමාණයේ මුදල් පැහැරගැනීම්වලින් සහ මංකොල්ලවලිනුයි. හොස්කන්ට අනුව අයිසිස් හි අභිප්‍රාය වන්නේ ජාතික රජයන් විනාශ කරමින් එම භූමි ප්‍රදේශ අත්පත් කරගනිමින්, අළු මතින් මහම්මත් තුමාගේ පරම්පරාවේ රජුගේ රාජ්‍යය ගොඩනැඟීමයි.


අයිසිස් උප්පත්තිය සිදුවන්නේ 1999 ඇෆ්ගනිස්ථානයේ පිහිටි සුන්නි ජිහාඩ්වරුන්ගේ පුහුණු කඳවුරු තුළ දී. මෙම කුඩා කණ්ඩායමට පන්නරය ලබා දෙන්නේ 2003 ඉරාක ආක්‍රමණයයි. හොස්කන් පවසන පරිදි ඉරාක ආක්‍රමණයේ සිට බටහිර විදේශ ප්‍රතිපත්ති ක්‍රියාකාරී වූ අයුරු අයිසිස් නැඟීමට වඩාත්ම වාසිදායක පසුබිම නිර්මාණය කළ බවයි. කෙතරම් වාසිදායක දැයි කිවහොත්, එය සිතාමතාම කළා දැයි සැක සිතෙන තරම්ය.


අයිසිස් විසින් බලපැවැත්වූ දරුණු දණ්ඩ නීති සඳහන් කළොත්, පාපන්දු තරගයක් නැරඹීම කස පහර 80ක් හිමි වරදක්. පාපන්දු යන දිරාපත් වන බටහිර ලෝකයේ නිෂ්පාදනයක් බැවින් එය නැරඹීම වරදක්. පිරිමි සහ ළමුන් කුරුසයේ ඇණ ගසා හෝ හිස ගසා මරන අතර, කාන්තාවන් සහ අවුරුදු 9ක් වැනි වයසේ දරුවන් ගල්ගසා මරණයට පත් කිරීම හෝ වහල්භාවයට විකිණීම සිදු වුණා. සමලිංගික පිරිමින් උස ගොඩනැඟිලිවලින් පහළට විසි කළ අතර, ප්‍රසිද්ධියේ දුම්බීම අවයව කපා දැමීමට හේතු වූවා.


හොස්කන් පවසන්නේ 2003 ඉරාක ආක්‍රමණයෙන් පසු ගෙවුණු මුල් මාස කිහිපය හෝ ඉරාකයේ පාලනය යම් ශක්‍යතාවකින් යුක්තව ගෙන ගියා නම්, මෙම සංවිධානය ප්‍රචණ්ඩ නිකායවාදය දක්වා ගිය ගමන වැළැක්විය හැකිව තිබුණු බවයි. මෙම පොතට අනුව අයිසිස්හි පැවැත්ම රඳාපවතින්නේ ක්‍රමවත්ව ක්‍රියා නොකරන නූතන රාජ්‍යයක සාරය උරාබීමෙන් සහ එහි පවත්නා දූෂණයට සහ අසාධාරණයට ප්‍රතික්‍රියා කිරීම මතයි. අයිසිස් හට නව තාක්ෂණ නවෝත්පාදනය කිරීමට හෝ බරපතළ ව්‍යාධීන් සුව කිරීමට හැකියාවක් හෝ නොමැති බැවින්, ජනයා සාරවත් කරන්නට ඔවුන්ට හිස ගසා දමන සිරුරක් හැරෙන්නට වෙනත් දෙයක් නොලැඛෙන අනාගතයක්. අයිසිස් පරදවන්නට මානව උන්නතිය ගැන පිළිසකල භක්තියක් අවශ්‍ය වන අතරම, එයම හැර අන් සියලූ දේ ම රූප වන්දනාවක් නැත්නම් මූර්ති පූජාවක් බව පිළිගැනීමත් අත්‍යවශ්‍ය වනවා.

දුෂ්‍යන්ත මහබදුගේ

Leave A Reply

Your email address will not be published.

20 + 9 =