සෞම්‍ය ලියනගේ කොළඹ සෞ: වි: විද්‍යාලයේ තනතුරු වලින් ඉවත් කරලා

මහාචාර්ය සෞම්‍ය ලියනගේ කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ඔහු දැරූ පීඨාධිපති, මහාචාර්ය ආදී තනතුරු වලින් ඉවත් කර තිබෙයි. එයට හේතුව ලෙස විශ්ව විද්‍යාල පාලක සභාව ගෙනහැර දක්වන්නේ, කථිකාචාර්ය වරයෙකු ලෙස තම පරිවාස කාලය නිමවන්නට පෙර සපුරාලිය යුතු පශ්චාත් (ආචාර්ය?) උපාධි සුදුසුකම ඔහු සපුරා නොමැති බවයි. විශ්ව විද්‍යාල පාලක සභාව ට මෙය සොයා ගැනීමට වසර හයක් ගත වී ඇත!. ඒ කාලය තුල ඔහු පීඨාධිපති සහ මහාචාර්ය තනතුරු වලට උසස් කර ද ඇත.
සෞම්‍ය තමාගේ ආචාර්ය උපාධිය නිසි පරිධි නියමිත කාලයට සපුරා ඇත්ද නැද්ද යන්න සොයා බලා සුදුසු පරිධි කටයුතු කිරීම පාලක සභාව සතු වගකීමක් බව සත්‍යයකි. එම කටයුත්ත නිසි ක්‍රමවේදයකට අනුව සිදු කිරීමද ඔවුන් සතු වගකීමකි. එසේ වී ද නැද්ද යනු අප දන්නේ නැත.
අප දන්නා පරිදි සෞම්‍ය සිය ආචාර්ය උපාධි සුදුසු කම සපුරා ඇත්තෙකි. ඔහු ක්‍රියාකාරී අචාර්ය වරයෙකි. සරත්චන්ද්‍ර යුගයෙන් පසු සරසවිය තුල පර්යේෂණ සංස්කෘතියක් ඇති කිරීමට තරම් ශක්‍යතාවක් ඇති අයෙකි. විදේශීය විශ්ව විද්‍යාල සහ පර්යේෂණ ආයතන සමඟ බුද්ධිමය ගනු දෙනු කිරීමට සම්බන්ධතා ගොඩ නගා ගත්තෙකි. සෞන්දර්ය විශ්ව විද්‍යාලය මෙතෙක් පැවති කලායතන මට්ටමින් ඉහලට ඔසවා තැබීමට තරම් විභවයක් ඇත්තෙකි. ලංකාවේ විශ්ව විද්‍යාල තුලින් මෙවැනි ආචාර්ය වරුන් හමු වන්නේ කලාතුරකිනි. එවැනි උගත් ක්‍රියාකාරී බුද්ධිමත් ආචාර්ය වරුන් විශ්ව විද්‍යාල තුල රඳවා ගන්නට කටයුතු කිරීම වගකිව යුත්තන් ගේ වගකීමකි.

ලංකාවේ විශ්ව විද්‍යාල තුල ඉස්සරත් අදත් කටයුතු සිද්ධ වන්නේ ඔය ආකාරයෙනි
එහෙත් ලංකාවේ විශ්ව විද්‍යාල ඉතිහාසය තුල හමු වන්නේ එවැනි අය සරසවි තුලින් නෙරපා රටින් ද පිටුවහල් වීමට කටයුතු කිරීමයි. අප සරවියේ සිටි සමයේ කැළණි විශ්ව විද්‍යාලයේ ආරියරත්න නාරද්දගේ නම් තරුණ කථිකාචාර්ය වරෙයෙකු සිටයේය. ඔහු තම ප්‍රථම උපාධියට ප්‍රථම පංතියේ සාමාර්ථයක් ලබා උපාධිය ලබා ගත්තෙකි. තරුණ උගතෙකු ලෙස ව්ශ්වවිද්යල පද්ධතිය තුලත් ඉන් පිටතත් කැපී පෙනෙන ලෙස ඉස්මතු වෙමින් තිබුණි. එහෙත් විශ්ව විද්‍යාල පාලනයට ඔහුගේ මේ සක්‍රීය බුද්ධිමය මැදිහත් වීම රිස්සුවේ නැත. ඔහුගේ සේවය ස්ථිර නොකර ඔහු සරසවියෙන් නෙරපා දැමිණි. රැකියාවක් සඳහා බැංකු ව්භාගය ලියා සරසවිය ඉදිරිපිටම බැංකුවේ ම පත්වීම ලබා ටික කලක් සේවය කර ඔහු අතුරුදහන් විය. වසර ගණනාවකට පසු අපට ඔහු මෑතකදී හමුවන්නේ ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයක කීර්තිමත් මහාචාර්ය වරයෙකු ලෙසය. කැළණි විශ්ව විද්‍යාලය ඔහුගේ සේවය ස්ථීර නොකරන්නේ එවකට පීඨාධිපති වූ මහාචාර්ය එම් එච් ගුණතිලක ගේ ප්‍රථම උපාධිය දෙවන පෙළ ඉහල සාමාර්ථයක් පමණක් වීම නිසාය යන කාරණාවේ ඇත්ත නැත්ත මා දන්නේ නැත.
ලංකාවේ විශ්ව විද්‍යාල තුල ඉස්සරත් අදත් කටයුතු සිද්ධ වන්නේ ඔය ආකාරයෙනි. විශේෂයෙන්ම කළා පීඨ වල.
සෞම්‍ය විශ්විද්‍යාලයට සම්පතකි. එවන් අයෙකු විශ්ව විද්‍යාලයෙන් නෙරපීමට තාක්ෂණික කරුණු සෙවීමට සමත් විශ්ව විද්‍යාල පාලක සභාව කල යුත්තේ සැබෑ පර්යේෂණ මහාචාර්ය වරයෙකු සේවයේ තබා ගන වැඩක් ගැනීමට කටයුතු කිරීමයි.

-අශෝක හඳගම(fb)

Leave A Reply

Your email address will not be published.

1 × 1 =