ගිනිගත් නැවේ හිමිකරුවෝ කෝටි 34 ගෙවන්න එකඟ වෙයි

නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවීමට මැදිහත් වූ මෙරට ආයතන සඳහා මූලික වන්දි ගෙවීමක් ලෙස රුපියල් මිලියන 340ක් ලබාදීමට එම නෞකාව හිමි ග්‍රීක සමාගම ඊයේ (24) එකඟ වී තිබේ.

නෞකාවේ හිමිකරුවන් ඒ බව නීතිපතිවරයා වෙත දැනුම් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.
කෙසේ නමුත් නිව් ඩයමන් නෞකාවේ හිමිකරුවන්ගෙන් තවත් රුපියල් මිලියන 100 ක් වන්දි මුදලක් ගෙවීමට නීතිපතිවරයා නියම කර තිබේ.

නීතිපතිවරයා එලෙස නියම කර ඇත්තේ එම නෞකාවේ ක්‍රියාකලාපය හේතුවෙන් බව සඳහන්. මේ අනුව නිව් ඩයමන්ඩ් නෞකාවේ හිමිකරුවන් විසින් ශ්‍රී ලංකාවට ගෙවිය යුතු සම්පූර්ණ මුදල රුපියල් මිලියන 440 කි.

Leave A Reply

Your email address will not be published.

1 × three =