මෛත්‍රීපාල සිරිසේනට සහ රදගුරුතුමන්ලා තිදෙනාට අවවාද

හිටපු  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට මෙන්ම ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට, එසේම කොළඹ පදවියේ සහයක රදගුරුතුමන්ලා තිදෙනාටත් අද (24) පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරන ජනාධිපති කොමිෂන් සභාව අවවාද කළේය.

ඒ සාක්ෂිකරුවන් විසින් කොමිසමේ කරන ප්‍රකාශ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදන නිකුත් කිරීමෙන් වළකින ලෙස ජනාධිපති කොමිෂන් සභාව මෙලෙස අවවාද කළේය.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු කොමිසම හමුවේ සාක්ෂි දීමේ දී අසත්‍ය ප්‍රකාශ කළ බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ලිපි ශීර්ෂය යටතේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා පසුගිය දා නිකුත් කළ මාධ්‍ය නිවේදන නිකුත්කර තිබිණි. ඊට අදාළව අද (24) පෙරවරුවේ කොමිසම හමුවේ පෙනී සිටින්නැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ට සහ පෞද්ගලික ලේකම්වරයාටත් කොමිසම ඊයේ (23) නොතීසි නිකුත් කළේ ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පාස්කු ප්‍රහාරය පිළිබද අගරදගුරුතුමා දැන සිටින්නට ඇතැයි කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් නිවේදනයක් නිකුත්කිරීම හේතුවෙන් කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරුතුමන්ලා වන මැක්ස්වෙල් සිල්වා, ඇන්තනි ජයකොඩි සහ ඇන්ටන් රංජිත් යන රදගුරුතුමන්ලා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතීසී නිකුත් කර තිබුණි.
මේ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පෞද්ගලික ලේකම් සමීර ද සිල්වා, කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරු මැක්ස්වෙල් සිල්වා රදගුරුතුමන් පමණක් කොමිසම හමුවේ පෙනී සිටියහ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් ඔහුගේ නීතීඥ මෛත්‍රී ගුණරත්න ද පෙනී සිටියේය.

Leave A Reply

Your email address will not be published.

three × 5 =