FADNA නිෂ්පාදනවල සාර්ථකත්වය තවදුරටත් තහවුරු කෙරේ

සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨය විසින් FADNA නිෂ්පාදන තුනක් වන Shape Up Tea, Ezy Tea සහ Immunni Tea මත පදනම්ව විද්‍යානුකූලව සිදු කරන ලද පුළුල් අධ්‍යයන පර්යේෂණයන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ක්‍රියාකාරී ආහාර පිළිබඳ 28 වැනි ජාත්‍යන්තර සමුළුවට යෝජනා කරන ලද අතර, එහි දී එම පර්යේෂණ වාර්තා ප්‍රකාශයට පත් කරන ලදී.

“සෞඛ්‍යසම්පන්න සහ ඉහළ ගුණාත්මක බවක් ඇති සන්නාමයක් ලෙස අපගේ පාරිභෝගිකයන් තමන් පරිභෝජනය කරන ඖෂධීය පානයන් මොනවා ද? සහ ඒවා ඔවුන්ගේ ජීවිතවලට ප්‍රයෝජනවත් වන්නේ කෙසේ ද යන්න දැනගැනීම ඉතා වැදගත් බව ෆැඞ්නා තේරුම්ගෙන සිටිනවා. නිතිපතා පර්යේෂණ කිරීමට අපි අවධාරණය කරන්නේ මේ නිසයි. එය අප නිවැරදි මාවතේ ගමන් කරන බව පෙන්නුම් කරන අතර, අපගේ නිෂ්පාදන තව දුරටත් දියුණු කිරීමට අපට මඟපෙන්වනවා” යනුවෙන් ෆුඞ් ඇන්ඞ් නේචර් (පෞද්ගලික) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ චමේන්ද්‍ර සෝමතුංග මහතා පැහැදිලි කළේ ය.

FADNA Shape Up Tea හි ඇති ගාරසෙනියා කාම්බෝජියා (Garcinia cambogia) සහ කැමෙලියා සයිනෙන්සිස්  (Camellia sinensis) යන ප්‍රධාන අමුද්‍රව්‍ය දෙක සාමාන්‍ය හරිත තේවලට (Green Tea) වඩා වැඩි වටිනාකමක් එක් කරමින් නිෂ්පාදනයේ ඵලදායීතාව තහවුරු කරයි.

ඒ හා සමානව, FADNA Ezy Tea  සහ Immunni Tea යන දෙවර්ගයේම ඖෂධ පැළෑටි සියවස් ගණනක් පැරණි ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙන් සනාථ කර ඇත.

FADNA Ezy Tea ඔසප් වේදනාව ලෙස පොදුවේ හැඳින්වෙන ප්‍රාථමික ඩිස්මෙනෝරියා (Primary Dysmenorrhea) රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා ආරක්ෂිත හා ඖෂධීය නිෂ්පාදනයක් ලෙස නිගමනය කර ඇත. විශ්වවිද්‍යාලය විසින් කරන ලද ප්‍රශ්නාවලි සමීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ, අත්හදා බැලීමේ කණ්ඩායමේ 97%ක්ම ඔසප් වේදනාව අඩු කිරීම සඳහා FADNA Ezy Tea නිර්දේශ කරන අතර 87%ක් එය පානය කිරීමෙන් පසු වේදනාකාරී ඔසප් වීම අඩු කරගෙන ඇති බව ය.

ප්‍රතිශක්තිකරණ ශක්තිය වැඩි කරන බව පවසන FADNA Immunni Tea, එහි ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරකම් පිළිබඳව ද විශ්වවිද්‍යාලය විසින් අධ්‍යයනය කරන ලදී. මෙම නිෂ්පාදනයේ අමුද්‍රව්‍ය කොත්තමල්ලි, කළු ගම්මිරිස්, කුරුඳු, තිප්පිලි, ඉඟුරු, ගොටුකොළ, නෙල්ලි, රසකිඳ, සෙනහෙ කොළ සහ වෙනිවැල් ගැට මිනිස් සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කරන ගුණාංගවලින් පොහොසත් බව ඔප්පු වී ඇත. ඒවා ප්‍රතිශක්තිකරණ  උත්තේජක, ප්‍රතිශක්තිකරණ අනුකූලක, පිළිකා නාශක සහ ප්‍රතික්ෂුද්‍රජීවී ගුණ ලෙස ක්‍රියා කරයි.

පර්යේෂණ ප්‍රතිඵල මඟින් සෞඛ්‍යසම්පන්න ජීවන රටාවකට එකතු වන ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතය කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීමෙන් සංවර්ධනය කර ඇති FADNA නිෂ්පාදනවල යහපත් බව නැවත නැවතත් ජාත්‍යන්තරයේ දී පවා පිළිගනු ලැබීම මෙන් ම මින් ලැබෙන ප්‍රතිඵල කීර්තිමත් ජාත්‍යන්තර සමුළුවකින් පිළිගැනීමෙන් දේශීය ශ්‍රී ලාංකික නිෂ්පාදනවල යහපත්කමේ සලකුණ මුද්‍රණය කිරීමට FADNA නිෂ්පාදනවලට අවස්ථාව ලැබී තිබේ●

Leave A Reply

Your email address will not be published.

five + 19 =