ලංකාවේ ජැසින්ටා එංගලන්ත පාපන්දු පිටියේ

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ජැසින්ටා ගලබඩආරච්චි වෙස්ට්හැම් කාන්තා පාපන්දු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින්, එංගලන්ත කාන්තා පාපන්දු ලීගයට පිවිසි පළමු ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ක්‍රීඩිකාව ලෙසට පත් වූවා ය.

තවමත් 19 වන වියේ පසුවන ජැසින්ටා ලබඩආරච්චි ඕස්ට්‍රේලියාවේ උපත ලද අතර, ඇය 5 හැවිරිදි වියේ දී ම පාපන්දු ක්‍රීඩාවට යොමුව තිබේ. ඒ සිය සොහොයුරා පාපන්දු ක්‍රීඩා කළ ආකාරය නැරඹීමෙනි. ඇය වයස අවුරුදු 9 වන විට මැන්චෙස්ටර් සිටි පාපන්දු ඇකඩමිය හා සම්බන්ධ වී පාපන්දු ක්‍රීඩාව ප්‍රගුණ කර තිබේ. 2016-17 වසරවල දී වයස අවුරුදු 17න් පහළ ඕස්ටේ්‍රලියානු ජාතික කණ්ඩායමත්, 2020 වසරේ දී ඕස්ටේ්‍රලියානු වයස අවුරුදු 20න් පහළ ජාතික කණ්ඩායමත් ඇය නියෝජනය කර ඇත. මෙල්බර්න් සිටි, පර්ත් ග්ලෝරි සහ වෙස්ට්හැම් පාපන්දු කණ්ඩායම් නියෝජනය කරමින් දක්ෂතා අතර සිටීමට ජැසින්ටා සමත් වූවා ය.●

Leave A Reply

Your email address will not be published.

three × four =