බලවත් පාලකයන්ට ජනමාධ්‍යවෙිදීන් බය ඇයි ?- “කෂොග්ගි නඩු විභාගය රඟහලක් විය”

වොෂිංටන් පෝස්ට් පුවත්පතේ තීරු රචකයෙකු සහ අල්-අරාබි ප්‍රවෘත්ති නාලිකාවේ සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන කර්තෘ වූ ජමාල් අහමඩ් කෂොග්ගි 2018 ඔක්තෝබර් 2 වන දින ඉස්තාන්බුල්හි සවුදි කොන්සල් කාර්යාලයේදී සවුදි රජයේ නියෝජිතයින් විසින් මරා දමා තිබුනේ සවුදියේ අරාබියේ මොහෙමඩි බින් සල්මාන් කුමරු විවෙිචනය කල නිසාය. සවුදි රාජාණ්ඩුවට ඝාතනයේ චෝදනාව එල්ල වු අතර සවුදි අරාබිය එබැවින් ඝාතනයට දායක වු විත්තිකරුවන් පස්දෙනෙකුට මරණ දඩුවම පැනවීය. මෙි ඒ පිලිබදව නීති විරෝධී, හෝ අත්තනෝමතික ඝාතන පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු ඇග්නස් කැලමාර්ඩ්, නඩු විභාගය සාධාරණ හෝ විනිවිද පෙනෙන එකක් නොවන බවත්, “ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු සිය වගකීම” ආමන්ත්‍රණය කිරීමට අපොහොසත් වීම ගැනත් විවේචනය කරමින්. අල් ජසීරාවට දැක්වූ අදහස් මෙලෙසය.

අල් ජසීරා:
නඩු විභාගය “යුක්තියට සමච්චල් කිරීමක්” ලෙස ඔබ විස්තර කර ඇත. එය එසේ යැයි ඔබ විශ්වාස කරන්නේ ඇයි?

කැලමාර්ඩ්:
එය වඩාත් මූලික සාධාරණ ජාත්‍යන්තර ප්‍රමිතීන් සපුරාලීමට අසමත් වූ නඩු විභාගයක් බව අපි දනිමු. වැදගත්ම දෙය නම්, ඝාතනය සිදුකිරීමට අණකල ඉහළ පෙළේ නිලධාරීන් කිසි විටෙකත් නඩු විභාගයට ඇතුළත් නොවූ අතර, මෙහි දී මගේ මතකයේ ඇත්තේ ඔටුන්න හිමි කුමරුගේ මොහොමඩ් බින් සල්මාන්ගේ හිටපු උපදේශක සෞඩ් අල්-කහතානි ය. ඔහු මෙම අපරාධය සැලසුම් කිරීමේ කොටසකි. එහෙත් ඔහුට එරෙහිව චෝදනා ගොනු කර නොමැත.තවත් ප්‍රධාන ගැටළුවක් වන්නේ නඩු විභාගයට මුහුනදී සිටින අයගේ අනන්‍යතාවය නිකුත් නොකිරීමයි. ජාත්‍යන්තර නීතිය යටතේ, රහස්‍යභාවයට අදාළ විය හැකි අවස්ථා ඉතා අල්ප වන අතර මෙම නඩුව එයට සුදුසුකම් නොලබයි.
එසේම, මෙම චූදිතයන් තෝරාගනු ලැබුවේ ඇයිද යන්න පිළිබඳව පැහැදිලි කිරීමක් කර නැත. පහළම මට්ටමේ නිලධාරීන් ඉහළම අපරාධ සම්බන්ධයෙන් වැරදිකරුවන් විය. තවද, සියලු නඩු විභාග සංවෘත දොරවල් පිටුපස පැවැත්විණි.

අල් ජසීරා:
සෞදි අරාබිය ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසනීයත්වය තමන් වෙත නැති වී ඇති බව සිතයි. නමි නඩු විභාගය ඉදිරියට ගෙන ගියේ ඇයි?

කැලමාර්ඩ් :
සවුදි අරාබිය සිය මිතුරන්ගෙන් එල්ලවු පීඩනය නිසා නඩු විභාගය සිදුකළ බව මම නිතරම සැක කළා. මෙම නඩු විභාගය සෑම විටම හැකි උපරිම ප්‍රමිතීන්ට අනුව පවත්වන ලෙස ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ ආඛ්‍යානයක් සමඟ ජමාල් කෂෝගි ඝාතනය කිරීම දේශීය කාරණයක් බවත් එයට දේශීය ප්‍රතිචාරයක් අවශ්‍ය බවත් සවුදිය අවධාරණය කළේය. මෙය කෂෝගි ඝාතනයෙන් පසු කළමනාකරණය කළ හැකි ක්‍රමයක් විය.
ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයන් පස්දෙනාට (චීනය, ප්‍රංශය, රුසියාව, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය) නඩු විභාගවලට සහභාගී වන ලෙස ආරාධනා කරන ලදී. එසේ වුවද ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් නඩු විභාගයට සහභාගී වී නිහඩව සිටීමට තෝරාගෙන ඇත. එය අනාවරණය නොකිරීමේ ගිවිසුමක් අත්සන් කිරීමට ඔවුන් එකඟ වී ඇති අතර එමඟින් මෙම යුක්තියේ උපහාසයට ආරක්ෂක කවුන්සිලය සහාය කරගැනීමට සෞදි අරාබිය සමත් වී තිබේ.
අල් ජසීරා:
පසුගිය මැයි මාසයේදී සවුදි රාජකීය අධිකරණය සෞදි අරාබියේ වෙසෙන ජමාල් කෂෝගීගේ පුතා වෙත සිය පියාගේ ඝාතනයට වන්දි වශයෙන් මුල්‍යමය වන්දියක් පිරිනමා ඇත. ඉන් පසුව කෂෝගීගේ පවුලේ උදවිය ප්‍රකාශකළේ ඔවුන් කෂෝගිගේ ඝාතකයන්ට සමාව දුන් බවයි. මෙි ගැන ඔබ කියන්නේ කුමක්ද ?
කැලමාර්ඩ්:
එය වචනානුසාරයෙන් විවිධ ක්‍රියාවන් සමඟ අපගේ ඇස් ඉදිරිපිට සිදු කරන ලද නාට්‍යයකි. නාට්‍ය කලාව යනු එයයි. ජමාල් කෂොග්ගිට එරෙහි අපරාධය සමාව දිය යුතු ආකාරයේ එකක් නොවේ. මගේ දෘෂ්ටි කෝණයෙන්, ජමාල් කෂොග්ගිගේ ඝාතනය පවුලටකට එරෙහි අපරාධයකට වඩා එහා ගිය මනුෂ්‍ය ඝාතනයකි එයට බොහෝ මානයන් තිබේ. මන්ද එය කලින් සැලසුම් කළ අපරාධයක් වූ නිසා වඩා බිහිසුණුය. අනෙක් අතට එය මිනිසෙකුට වධ හිංසා කිරීමේ ක්‍රියාවකි, සාපරාධි චෙිතානාවකින් යුක්තව අතුරුදහන්කරවීමෙි ක්‍රියාවකි . සිරුර තවමත් සොයාගෙන නොමැත. එය තුර්කියට එරෙහි අපරාධයකි. නඩු විභාගයේදී මෙම මානයන් කිසිවක් සලකා බැලුවේ නැත.

අල් ජසීරා:
නඩු විභාගයට ඉදිරිපත් කළ චූදිතයන් අට දෙනා වැරදිකරුවන් බව ඔබ විශ්වාස කරනවාද?

කැලමාර්ඩ්:
චුදිත පුද්ගලයන්ගේ අනන්‍යතාවය ප්‍රසිද්ධ කර නොමැති නමුත් තුර්කිය විසින් හදුනාගත්තේ ඔවුහු කෂෝගි ඝාතන අවස්ථාවෙි එකී කාමරයේ සිටි අය ලෙස ය. එබැවින් චුදියන් වැරදිකරුවන් වෙි. නමුත් ඔවුන් පමණක් මෙම වන්දිය ගෙවිය යුතු යැයි මම විශ්වාස නොකරමි. අධිකරණය මගින් වැරදිකරුවන් නොකල අය මෙි අපරාධය සැලසුම් කිරීමේ කොටස්කරුවන් විය. අපරාධය රාජ්‍ය අපරාධයක් වූ අතර, “කුඩා සොල්දාදුවන්” පමණක් නොව, රජය ද ඊට ගණන් ගත යුතු බව අප පැහැදිලි කර ගත යුතුය.

අල් ජසීරා:
මොහොමඩ් බින් සල්මාන් කුමරු මෙම ඝාතනය විස්තර කළේ කෂෝගි ඝාතනයට හේතු වූ මෙහෙයුම “ව්‍යාජ මෙහෙයුමක්” ලෙසයි. නඩු විභාගය එම ප්‍රකාශයට සහාය දැක්වූවාද?
කැලමාර්ඩ්:
අනිවාර්යෙන්ම, මේ නිසා නඩු විභාගය රඟහලක් විය. එය මුල සිටම සෞදි අරාබියේ ආඛ්‍යානයක කොටසකි. මෙය ජාත්‍යන්තර නීතිය යටතේ සිදුකරන ලද රුදුරු මෙහෙයුමක් ඉතා පටු ලෙස විග්‍රහ කිරීමකි. අපරාධයේ සෑම අංශයක්ම රාජ්‍යයේ වගකීම දරයි. කණ්ඩායමේ සිටි සියල්ලෝම රාජ්‍ය නිලධාරීන් ය. මෙම කණ්ඩායම තුර්කිය වෙත යවන ලද්දේ සවුදියේ නිල මෙහෙයුමක් මතය. ඝාතනය සිදු කළ අයට රාජ්‍ය සම්පත් වලින් ප්‍රතිලාභ ලැබුණි. ඔවුන් තුර්කියට ඇතුළු වූයේ රාජ්‍ය තාන්ත්‍රික අවසරයක් ඇති ජෙට් යානයක ය. කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනෙකුට රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර තිබුණි. ඔවුන් ක්‍රියාත්මක වූයේ කොන්සල් කාර්යාලයක් තුළ ය. අපරාධ ස්ථානය පිරිසිදු කිරීමට පවා රාජ්‍ය නිලධාරීන් 17 දෙනෙකුගෙන් පසු විපරම් කණ්ඩායමක් එහි සිටියහ. මෙහෙයුමේ සියලුම අංග සෞදි අරාබියේ වගකීම පෙන්නුම් කරයි. මෙම මෙහෙයුම “රළු” මිස ‘‘ සුමට ‘‘ නැත.

අල් ජසීරා:
සෞදි අරාබිය මෙම නඩු විභාගය “අවසාන නඩු විභාගයක්” ලෙස විස්තර කළේය. ජමාල් කෂෝගි ඝාතනය පිළිබඳ සම්පූර්ණ සත්‍යය ලෝකයට කවදා හෝ අසනු ඇතැයි ඔබ විශ්වාස කරනවාද?

කැලමාර්ඩ්:
එය සෞදි අරාබියේ අවසාන නඩු විභාගය විය හැකිය. සෞදි අරාබි අධිකරණ පද්ධතිය හරහා යුක්තිය ඉටුවනු ඇතැයි මම කිසි විටෙකත් විශ්වාස කර නැත. ඔවුන් පෙන්වාදී ඇත්තේ ඔවුන්ට යුක්තිය ඉටු කළ නොහැකි බවයි. මොහොමඩ් බින් සල්මාන් කවදා හෝ උසාවියක් ඉදිරියේ පෙනී සිටිනු ඇත්ද යන්න සැක සහිතය. නමුත් ජමාල්ට සාධාරණය ඉටු කිරීමට වෙනත් ක්‍රම තිබේ. තුර්කියේ වැඩිදුර තොරතුරු අනාවරණය කර ගත හැකි නඩු විභාගයක් පවතී. එහිදී ඔටුන්න හිමි කුමරුගේ වගකීම පිළිබඳව ජාත්‍යන්තර නීතියට එය යටත්විය යුතුය. එක්සත් ජනපද කොන්ග්‍රසයේ ජාතික බුද්ධි අධ්‍යක්ෂවරයාට මෙි පිලිබදව ක්‍රියාවලියක් තිබේ. අපි කළ යුත්තේ සත්‍යය නැමති මිටිය අතට ගන්නා ලෙස කරනු ලබන ඉල්ලීමයි.
-උපාලි ජයසිංහ

.AUTHOR
Mia SwartMia Swar
Al Jazeerat

Leave A Reply

Your email address will not be published.

four × 4 =