“මම දෙවියන් වහන්සේට මෙි ඔක්කොම කියනවා ‘‘

 

2014 සැප්තැම්බර් 14 වන දින ෆේස්බුක් පරිශීලකයෙකු වන “රොමක්කාර්” විසින් “කථාකරන පින්තුර” යන මාතෘකාව යටතේ සිය පිටුවෙි පල කළ මෙය ඉන්දියානු පුවත්පතක පළ වූ ලිපියකින් වන අතර,
එකී ලිපිය පුවත්පත ගෙන තිබුනේ . රිචඩ් එඩ්මන්සන්ග් නැමත්තාගේ බ්ලොග් අඩවියෙනි ( uprootedpalestinians.wordpress.com )
රිචඩි තම බ්ලොග් අඩවියේ මෙසේ ලියා තිබිණි
‘‘ සිරියාවෙි අලප්පෝ නගරයේදී බෝමිබ ප්‍රහාරයකට ලක්ව අධික තුවාල සහිත අලුවලින් සහ රුධිරයෙන් නැහැවුනු තුන් හැවිරිදි දරුවෙක් රෝහලේදී වෛද්‍යවරුන්ට පවසා තිබුනේ, මෙි වෙිදනාව ඔහුට දරාගත නොහැකි බවත් තමා ඒ ගැන දෙවියන් වහන්සේට කියන බවත්ය.
ඉන් ටික වෙිලාවකට පසු ඔහුගේ හෘද ස්පන්දනය නතරවිය.‘‘
මෙම පිරිමි ළමයාගේ පින්තූර නිව් යෝර්ක් ටයිම්ස් සහ ටයිම් සඟරාවේ ද භාවිතා විය. කෙසේ වෙතත්, සගරාවෙි සහ පුවත්පතේ පිරිමි ළමයා තුවාල ලැබූ බව සඳහන් නොවේ, ඒ වෙනුවට ඔහු මියගිය බව සඳහන් වන අතර මිය යාමට පෙර ඔහු පැවසුවේ “මම දෙවියන් වහන්සේට සියල්ල කියන්නෙමි” යනුවෙනි. ඉතින් මේ පින්තූරවල ඇත්ත කතාව කුමක්ද?
මෙම හදපාරවන ඡායාරූපය ‍‍සිය කැමරාවෙි සටහන් කර තිබුනේ ප්‍රංශ AFP පුවත්ජාලයේ අරීස් මෙසිනීස්ය Aris Messinis අරිස් මෙසිනීස්ට 2016 දී ග්‍රීසියේ දූපත් වලට සංක්‍රමණිකයන් පැමිණීම පිළිබඳව ප්‍රංශ පුවත්පත් ඡායාරූපකරණය සඳහා ගෞරවනීය සම්මානය හිමි විය.
2012 දී සිරියාවෙි ඇලෙප්පෝ නගරයයේදී අල් බසාර්ගේ හමුදාව ISIS කදවුරු වෙත බෝම්බ හෙලන විට ඔහු එහි සිටි අතර තුවාල ලබා සිටි බොහෝ දරුවන්ද මිනිසුන්ද ඔහු සිය කැමරාවෙි සටහන් කරගත්තේය. රෝහලක තුවාල ලබා සිටි මෙම දරුවාගේ ඡායාරූපයද ඒ අතර විය. නමුත් ඔහුට අනුව දරුවා එසේ කියා තිබුනේ නැත. දරුවා මිය ගියේද නැත.
කෙසේ වෙතත් මෙි ඡායාරූපය සහ දරුවාගේ වදන් ලෝකය කමිපිත කල අතර නම නොදන්නා එකී සිරියානු දරුවා වෙනුවෙන් ලෝකයේ බොහෝ ලිඛිත හා විද්‍යුත් ජනමාධ්‍ය සිය ඉඩකඩද සමාජඡාලාවල ලක්ෂ ගණනින් බෙදාහැරීම් ද විවිධ වෙබි පිටු සිය ශෝකයේ සටහන්ද තැබූ විට ඔහු වෙනුවෙන් ගීත රචනා නිර්මානය වී 2019 වර්ශයේ ‘‘ මම දෙවියන් වහන්සේට සියල්ල කියමි ‘‘ යනුවෙන් සිනමා නිර්මාණයක්ද බිහිවිය.
සමහර විට පුවත අසත්‍ය විය හැක. එහෙත් එකී බොරුව මිනිසාගේ සිත් සතන් කමිපා කරවීමට සමත්විය. දරුවන් සිටිනා තැනකට අත්හරින එක් බෝමිබයක් නැවතුනා විය හැක. එක් උන්ඩයක් මුදා නොහැරියා වන්නට පිලිවන. එක් බිහිසුනු කාල තුවක්කුවක ගින්දර නොදැල්වුනා විය හැක. ස්තුතියි ඒ බොරුව සමාජගත කල නිර්මාණශීලි මිනිස !

-උපාලි ජයසිංහ

Leave A Reply

Your email address will not be published.

two × 4 =