SLT – මොබිටෙල් නවතම ප්‍රාදේශීය කාර්යාලය පානදුරට

පාරිභෝගිකයන් හට උසස් සේවාවක් ලබා දීමේ අරමුණෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) එහි ජංගම දුරකතන සේවා පිළිබඳ සහෝදර ආයතනය මොබිටෙල් සමඟ එක්ව flagship store සංකල්පය අනුව නිර්මාණය කෙරෙන දීපව්‍යාප්ත Teleshop ශාඛා ජාලයේ ප්‍රථම ප්‍රාදේශීය ශාඛාව පානදුර දී පසුගිය දා විවෘත කෙරිණ.

එමඟින් දුරකතන සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකතන සේවා, සුපිරි අධිවේගී අන්තර්ජාල සබඳතා, නවීන තාක්ෂණයෙන් නිවාස බලගන්වන Smart Home Solutions, ස්වයංක්‍රීය බිල්පත් ගෙවීමේ සේවාව, ගෘහස්ථ විනෝදාස්වාද සේවා, අති නවීන දුරකතන හා සන්නිවේදන තාක්ෂණික උපාංග අලෙවිය යනාදී SLT හා මොබිටෙල් සේවා රැසක් එකම වහළක් යට දී පානදුර ප්‍රදේශවාසීන්ට දැන් ලබා ගත හැකි ය. සුහදශීලී කාර්ය මණ්ඩලයක් සමඟ පාරිභෝගික කේන්ද්‍රීය කඩිනම් සේවාවක් මෙහි දී ක්‍රියාත්මක වන අතර, පාරිභෝගික ඉල්ලුම අනුව ඔවුන්ගේ නිවසටම භාණ්ඩ හා සේවා ශීඝ්‍රගාමී බෙදාහැරීමේ සේවාවක් ද ක්‍රියාත්මකයි.

SLT මොබිටෙල් පානදුර flagship store විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු, සමූහ ප්‍රධාන විධායක නිලධාරී/ අධ්‍යක්ෂ ලලිත් සෙනෙවිරත්න, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ජනාධිපති නීතීඥ මොහාන් වීරකෝන්, ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රියන්ත ෆර්ඩිනැන්ඞ්ස් යන මහත්වරුන් ඇතුළු SLT හා මොබිටෙල් ආයතන නියෝජනය කරමින් නිලධාරී මහත්ම මහත්මීහු රැසක් එක්වූහ●

Leave A Reply

Your email address will not be published.

eleven − 3 =