මානවවාදී නීතිවෙිදිනිය බන්ධනාගාර ආහාර වර්ජනයෙන් පසු රෝහල් ගතකරයි

වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ ටෙහෙරානයේ කුප්‍රකට එවින් බන්ධනාගාරයේ සිර කර සිටින මානව හිමිකම් ක්‍රියාකාරිකාරී නිතිවෙිදිනයක වන නස්රින් සොටූද් පසුගිය සති හයක කාලය තුළ “ඉරාන බන්ධනාගාරවල අවනීතියට” සහ අමානුෂික තත්වයන්ට විරෝධය පළ කරමින් උපවාසයක නිරත විය.
නස්රින් සොටූඩේ දින 40 කට වැඩි කාලයක් ආහාර වර්ජනය කිරීමෙන් පසුව “දැඩි ලෙස දුර්වල වී” රෝහල් ගත කර ඇති බව ඇගේ සැමියා ඒඑෆ්පී ප්‍රවෘත්ති ඒජන්සියට පැවසීය. ඇය ආහාර වර්ජනය කලේ දේශපාලන සිරකරුවන්ට දක්වන අවිනීත සැලකිල්ල හා සිරගෙය තුල පැතිරයන වෛරස් වසංගතයට ඉරාණ රජය දේශපාලන සිරකරුවන් බිලි ගැනීමට ඉඩහැරීමට එරෙහිවය.
57 හැවිරිදි නස්රීන් යුරෝපීය පාර්ලිමේන්තුවේ සකාරොව් ත්‍යාගයේ සම-සම්මාන ලාභියෙකි. බාල වයස්කරුවන් ලෙස සිදුකරන ලද වැරදි සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වූ වැරදිකරුවන් ඇතුළු ඉහළ පෙළේ නඩු සම්බන්ධයෙන් ඇය කළ සේවය වෙනුවෙන් ඇය 2012 දී එකී ගෞරවනීය සම්මානය දිනා ගත්තාය.
ඇය මෙි ගෙවන සිර දඩුවම දැඩි හා දීර්ඝ දඩුවමකි . ඉරානයේ පාලකයින්ට එරෙහිව සටන් කිරීම සහ ප්‍රචාරය කිරීම යන චෝදනා මත 2018 දී සොටෝඩේ අත්අඩංගුවට ගත් අතර අවසානයේ ඇයට වසර 38 ක සිර දඩුවමක් හා පහර 148 ක් නියම විය. නීතිය යටතේ ඇය අවම වශයෙන් අවුරුදු 12 ක් බන්ධනාගාරයේ රැදීසිටීම කළ යුතුය. මෙි ඇය‍‍ගේ පළමු සිර දඩුවම නොවෙි.
හිටපු ඉරාණ ජනාධිපති මහමුද් අහමඩිනෙජාඩ්ගේ නැවත තේරී පත්වීමට එරෙහිව 2009 දී මහජන විරෝධතා අතරතුරදී අත්අඩංගුවට ගත් විරුද්ධවාදීන් වෙනුවෙන් පෙනී සිටීමෙන් පසු ඇය වසර තුනක් සිරගතව සිට ඇත. ඒ කාලය තුලද ඇය සිරගෙදර ආහාර වර්ජන දෙකක් ක්‍රියාත්මක කලාය , ඒ එවින් බන්ධනාගාරයේ කොන්දේසි වලට අනුව ඇගේ පුතා සහ දියණිය දැකීම තහනම් කිරීමට විරෝධය පළ කරමිනි.
ටෙහෙරාන් නීතී සංගමයේ නීති අධිකරණය විසින් 2014 අගෝස්තු මාසයේදී ඇයගේ අධිකරණයක් තුල නීතිමය පෙනීසිටීම තහනම් කිරීම අවලංගු කිරීමට පෙර ඇය ඉරාණයේ වසර 20 ක කාලයක් නීතිය ක්‍රියාත්මක කිරීම තහනමකට ලක්ව සිටියාය..
ඊයේ ඇගේ පවුලේ අය පැවසුවේ සෙසු රැඳවියෙකු මාර්ගයෙන් ඇයගේ තත්වය පිළිබඳව දැනගත් අතර “බන්ධනාගාරය ඇය රෝහල් ගත කිරීම ගැන ඔවුන් අපට පවසා නැති බවයි.
-උපාලි ජයසිංහ

Leave A Reply

Your email address will not be published.

14 − one =