“නින්ද නොගිය දවස් වල සටහන්” වෙනස් පොතක් එළි දකියි

ප්‍රවීණ නාට්‍ය රචකයෙකු අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම ගුරුවරයෙකු වන ධනංජය කරුණාරත්න විසින් රචනය කරන ලද ෆේස්බුක් ආදී සමාජ මාධ්‍ය වල පළ වුණු විශේෂ ලිපි සහ සටන් එකතුවක් ග්‍රන්ථයක් ලෙස එළි දකී. නුඹ ලිපි සහ සටහන් වල ඇති විශේෂත්වය වන්නේ ලිංගිකත්වය සිට කලාව දේශපාලකය ආගම දක්වා විවිධාකාර විෂයයන් සම්බන්ධයෙන් අතිශයින්ම රසවත් විවාදාත්මක පෙරළිකාර අදහස් මතු කිරීමයි.ඔහු විසින් රචනය කරන ලද මේ බොහෝ ලිපි සහ සටහන් සමාජ මාධ්‍ය වල අතිශයින් ජනප්‍රිය වූ අතර බොහෝ දෙනාගේ කතාබහට සහ විවාදයට ලක් විය. ඒවා විවිධාකාර ආකෘතිවලින් නිර්මාණාත්මකව අතිශය සංවේදීව මෙන්ම සමහර අවස්ථාවල අතිශයෙන් කම්පිත ලෙස  ඔබව සිතන්න පුළුවන් ආකාරයෙන් වචනය වී ඇත.

පොත ගැන ධනංජය විසින් තබන ලද සටහනක් මෙසේය.

“මේ පොතේ තියෙන්නේ පසුගිය කාලයේ මම ෆේස්බුක් එකට සහ තවත් සමාජ මාධ්‍ය වලට ලියපු තෝරාගත් ආර්ටිකල් සහ සටහන් වල එකතුවක්. මම විවිධ ආකෘති හරහා ලියපු හරක් පැටියාගේ කතාව සිට ගැහැණියෙකු සොයා ගිය මිනිසෙකුගේ කතාවක්, සංජානා වැනි කතාද  ගණිකාවක් කියන්නේ කවුද වැනි කෙටි සටහන් ද තවත් සමකාලීන සිදුවීම් අලලා ලියපු ආර්ටිකල්ස් ද ඊට ඇතුළත්. ඔබේ චගේම  ඔබ හිතනවානම් ඒවා කියවීමට නොලැබුණු තවත් ඔබ හදුනන අයගේ ද ඔලුව අවුල් කරවීමටත්  පරෙස්සම් කරපු මනස් දූෂණය කිරීමටත් අවශ්‍යයි කියලා ඔන්න දැන් ඒ පිස්සු රචනා එකතුව පොතක් විදිහටම  ඇවිත් තියෙනවා.”

“ඇත්ත වශයෙන්ම මේ විදිහට ඒවා තවත් පාඨකයින් පිරිසකට කියවීමට පොතක් ලෙස පළ කරන ලෙස මට යෝජනා කරමින් මාව ධෛර්යමත් කළේ මගේ ලිවීම් කියවූ ඔබ සමහර පාඨකයින්මයි. මේ ඒ යෝජනාව මල්ඵල ගැන්වුණු අවස්ථාවයි. එබැවින් මගේ ලිවීම් කියවූ මාව ධෛර්යමත් කළ අදහස් යෝජනා ඉදිරිපත් කළ ඔබ සියලුම දෙනාටත් මහත් උවමනාවෙන් ඒවා පොතක් ලෙසට පළ කරන්නට බාරගත්ත නිශාන්ත පරණගම සුභාවි ප්‍රකාශන පිට කවර නිර්මාණය ජනක තිලකරත්න විසින්.”

“පොත BMICH පොත් ප්‍රදර්ශනයේ H 205-206 ‘සුබාවි’ ප්‍රකාශන කුටිවලින් 22 වැනි අඟහරුවාදා සිට ලබාගන්නට පුළුවන්. වෙන් කිරීම් සඳහා අමතන්න 076853 3935  / 071 920 1985”

Leave A Reply

Your email address will not be published.

7 − 2 =