රතන හිමිට සුවපහසු උපවාස මණ්ඩපයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඊයේ(31) මහනුවර ශ්‍රී දළඳා මාලිගාව අභියස ආරම්භ කළ උපවාසය අව් රශ්මියත් ගතට දැනෙ විඩාවත් හේතුවෙන් අද (01) දිනයේ පහසුකම් සහිත මණ්ඩපයක් වෙත ගෙනගොස් තිබේ. ඊයේ දිනයේ මෙම උපවාසය දළදා මාළිගාව ඉදිරියේ බිම විඩිවී ආරම්භ කල අතර අදවනවිට එය සුවපහසු හිස්ආවරන සහිත මණ්ඩයක් දක්වා මාරුවී ඇත.
මෙම අවස්ථාවට උන්වහන්සේට ආධාර කරන විසිපහක පමණ සුළු පිරිසක්ද ඊයේ සම්බන්ධ වූ අතර උන්වහන්සේගේ මෙම උපවාසය සමාජජාල තුල දැඩි හාස්‍යයට ලක්වෙමින් පවතින බවද පෙනීයයි.
අසාද් සාලි, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන අය සිය තනතුරුවලින් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීමක් 4ක් මුල්කර ගනිමින් මෙම උපවාසය ආරම්භ කළේය.
 ඒ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන අය එම තනතුරුවලින් ඉවත් කරන ලෙස සහ සිංහල මව්වරුන් වඳභාවයට පත්කළැයි පැවසෙන මොහොමඩ් ෂාෆි ඇතුළු වෛද්‍යවරු පිළිබඳ විමර්ශනය කිරීමට ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් පත්කරන ලෙස ජනාධිපතිවරයාට බල කරමිනි.

Leave A Reply

Your email address will not be published.

fourteen + 4 =