ඉන්දියාවේ කොවිඩ්- 19 වසංගතය උග්‍රම අවස්ථාවේ IPL අද ඇරබෙයි

“ඉන්දියාවේ කොවිඩ්- 19 වසංගතය උග්‍රම අවස්ථාවට පැමිණ ඇති අවස්ථාවේ මෙම වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අද (සැප්තැම්බර් 19) ආරම්භ වේ.”,
“ලෝකයේ ක්‍රිකට් තරඟාවලි අතරින් ධනවත්ම මෙන්ම මුදල් අධිකවම සංසරණය වන තරඟාවලියක් වන IPL සඳහා ඉන්දියාවේ සහ විදේශයන්හි ඉහළ පෙළේ ක්‍රීඩකයින් සහභාගී වෙයි. බොලිවුඩයේ ඉහළ පෙළේ තරු සහ දේශපාලකයින් ඇතුළුව ඉන්දියාව පුරා රසිකයන් ලක්ෂ ගනින් ක්‍රීඩාංගන වලට රැස්වන IPL තරඟාවලිය කොරෝනා වයිරස් වසංගතය හේතුවෙන් මෙවර වෙනස්ම ස්වරූපයක් ගනියි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී හිස් ක්‍රීඩාංගණවල පැවැත්වෙන තරඟ රුපවාහිනී ඔස්සේ සජීවීව විකාශනය කරයි. තරඟාවලිය ආරම්භ කරමින් තුන් වතාවක් ශූරයන් වන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අද තරගයේදී වත්මන් ශූර මුම්බායි ඉන්දියන්ස් පිල සමඟ තරග වදියි.
කෙසේ නමුත් මේ වන විටත් ඉන්දියාවේ දිනකට කොවිඩ්- 19 ආසාදිතයන් 90 000 කට වැඩියෙන් හමුවන අතර දිනකට 1000 කට වැඩි ප්‍රමාණයක් වසංගතය නිසා මියයයි.

Leave A Reply

Your email address will not be published.

three × 3 =