ශානි යලි රිමාන්ඩ්, වාස්ගෙන් ප්‍රකාශයක් ගැනීමට නියෝග

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට අදාල නඩුවකට ” ඉදිඅධිකරණයට අසත්‍ය සාක්ෂිරිපත් කිරීමේ” සිද්ධියක් සම්බන්ධ චෝදනා එල්ලවන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුලු සැකකරුවන් තිදෙනා ලබන මස 2 වැනිදා තෙක් යලි රක්ෂිත බන්ධනාගාර ගත කළේය. ඒ ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (17) කළ නියෝගයකට අනුවය.

මෙම පැමිණිල්ලට අදාලව හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට අවසර දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරිවරයාට අද(17) දිනයේදී නියෝග කර තිබේ.

මරණ දඩුවම නියමවී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට අදාල නඩුවකට අසත්‍ය සාක්ෂි එක් කිරීම සම්බන්ධයෙන් ශානි අබේසේකර ඇතුලු සැකකරුවන් තිදෙනාට එරෙහි චෝදනා ඉදිරිපත්වී තිබේ.

Leave A Reply

Your email address will not be published.

seven + 8 =