විජයකලා අද ජනපති කොමිසමට

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් අද(17) දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේය. ඒ එම කොමිසමේ විභාග වෙමින් පවතින පැමිණිල්ලකට අදාළව වග උත්තරකාරියක ලෙස නම් කර තිබීම හේතුවෙනි.
චුන්නාකම් පොලිසියේ සේවය කළ ඥාන ලිංගම් මයුරන් නැමැත්තෙකු කර ඇති පැමිණිල්ලකට අදාළව මෙම කැඳවීම කර තිබිණි.
තමා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කිරීමට විජයකලා මහේෂ්වරන් හිටපු මන්ත්‍රීවරිය මැදිහත්වීම මගින් තමාගෙන් දේශපාලනිකව පළිගෙන ඇති බව එම පැමිණිල්ලේ සඳහන් වෙයි.

හිටපු පොලිස් කොස්තාපල් ඥාන ලිංගම් මයුරන්, බන්ධනාගාර නිලධාරීහු කොමිසම හමුවට ඉදිරිපත් කළ අතර එහිදී

කොමිසමේ සාමාජිකයන් සහ නීතිඥවරුන් මයුරන්ගෙන් පැය 5 කට ආසන්න කාලයක් ප්‍රශ්න කරමින් සාක්ෂිය ලබාගත්තේය.

Leave A Reply

Your email address will not be published.

3 × one =