“එය ලෝකයේ හොදම කලු සමාජය වනු ඇත ‘‘

බාබඩෝස් අගමැතිනිය Mia Mottley

එලිසබෙත් රැජින තම රාජ්‍ය නායකයා නොවන බැවින් ඇය එකී පදවියෙන් ඉවත් කිරීමට බාබඩෝස් සැලසුම් කරයි.

බාබඩෝස් යනු බටහිර ඉන්දීය කොදෙවු දුපත් අතර ඇති ස්වාධීන ජනරජයකි. 1627 දී පළමු ස්ථිර පදිංචිකරුවන් එංගලන්තයෙන් පැමිණි අතර පසුව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත්විය. ධනවත් සීනි ජනපදයක් ලෙස පැවති එය , 1807 දී එම වෙළඳාම තහනම් කරන තෙක් අප්‍රිකානු වහල් වෙළඳාමේ ඉංග්‍රීසි මධ්‍යස්ථානයක් බවට පත්විය. බාබඩෝස් හි වහලුන්ගේ විමුක්තිය 1833 සිට වසර ගණනාවක් පුරා සිදුවිය.1966 නොවැම්බර් 30 වන දින බාබඩෝස් ස්වාධීන රාජ්‍යයක් බවට පත් වූ අතර දෙවන එලිසබෙත් රැජින නායිකාව සේ ගෙන ලෙස පොදුරාජ්‍ය මණ්ඩලීය රාජධානියක් බවට පත් විය. එහි ජනගහනය 287,010 ක් වන අතර ප්‍රධාන වශයෙන් අප්‍රිකානු සම්භවයක් ඇත. අත්ලාන්තික් දූපතක් ලෙස වර්ගීකරණය කර තිබුණද, බාබඩෝස් කැරිබියන් දූපත් වල කොටසක් ලෙස සැලකේ. සංචාරකයින්ගෙන් 40% ක් පැමිණෙන්නේ එක්සත් රාජධානියෙන් වන අතර එක්සත් ජනපදය හා කැනඩාව ඊළඟට විශාල සංචාරකයින්ය.
ජනරජය මෙම තත්ත්වය සඳහා තීරණය කර ඇත්තේ බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා වසර 55 කට පසුව ය
“බාර්බඩියානු ජාතිකයින්ට අවශ්‍ය වන්නේ බාබඩියානු රාජ්‍ය නායකයෙකි. මෙය අප කවුරුන්ද යන්න සහ අපට ළඟා කර ගත හැකි දේ පිළිබඳ විශ්වාසයේ අවසාන ප්‍රකාශයයි. එබැවින්, බාර්බඩෝස් පූර්ණ පරමාධිපත්‍යය කරා ඊළඟ තාර්කික පියවර ගෙන ඊළග නිදහස් සමරන කාලය වන විට අපේම නායකත්වයක් සහිත රජයක් බවට පත්වෙනු ඇත.

“අපේ යටත් විජිත අතීතය මුළුමනින්ම අත්හැර දැමිය යුතු කාලය පැමිණ තිබේ” යැයි බාබඩෝස් ආණ්ඩුකාර ජෙනරාල් සැන්ඩ්‍රා මේසන් රටේ අගමැති මියා මොට්ලි වෙනුවෙන් දේශනයක් පවත්වමින් පැවසීය.එම සංවත්සරය ලබන වසරේ නොවැම්බර් මාසයේදී පැමිණේ. මෙම සංවර්ධනය බ්ලැක් ලයිව්ස් මැටර් ව්‍යාපාරයේ “ගෝලීයකරණය” සංකේතවත් කරන බව වොෂිංටන් ඩීසී හි සිවිල් අයිතිවාසිකම් පිළිබඳ නීති කමිටුවේ ප්‍රධානී ක්‍රිස්ටන් ක්ලාක් පැවසීය.
“කාලයාගේ ඇවෑමෙන් හා අවිනිශ්චිතතාවයෙන් අපගේ අත්තිවාරම ශක්තිමත් කිරීමට අපට බල කෙරෙයි. ඒ හා සමානව, අපගේ සාම්ප්‍රදායික ව්‍යුහයන් ඉහළට ඔසවා තැබීමටත්, වඩා ශක්තිමත්, වඩා ඔරොත්තු දෙන, වඩා තිරසාර ගෘහ නිර්මාණ ශිල්පයක් සොයා ගැනීමටත් අපට අභියෝග කර ඇති අතර එමඟින් අපට වර්තමාන හා අනාගත පරමිපරාවන්ට කල් පවත්නා ව්‍යුහයක් ගොඩනැඟිය හැක.
බාර්බඩෝස් විසින් එකී පාලන ව්‍යුහයන් මත තම ආයතන සංවර්ධනය කර ඇති අතර එය අපව විස්තර කර ඇත්තේ“ ලෝකයේ හොඳම කළු සමාජය ලෙසය.‘‘ බාබඩොස් අගමැතිනිය මියා මෝටි පුවත්පත්වලට පවසා තිබිණි.

-උපාලි ජයසිංහ 

Leave A Reply

Your email address will not be published.

one × three =