ගතවූ පැය 24 තුළ ඉන්දියාවෙන් රෝගීන් 97,894 ක්

අවසන් පැය 24 ක කාලයේ දී ඉන්දියාවෙන් නව කොරෝනා වයිරස ආසාදිතයන් 97,894 දෙනකු හඳුනාගත් බව එරට සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
පසුගිය දින දහයක පමණ කාලයක සිට ඉන්දියාවේ දිනකට රෝගීන් 90,000 ක් ඉක්මවූ ප්‍රමාණයක් ආසාදිතයන් වාර්තා විය.
එමෙන්ම පසුගිය සති දෙකක කාලයේදී සෑම දිනකම 1000 ඉක්මවා ඉන්දියාවෙන් නව කොරෝනා වයිරස ආසාදිත මරණ වාර්තා වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාව මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නය වන්නේ වයිරස ආසාදිත රෝගීන් දස දහස් ගණනකට ප්‍රමාණවත් ඔක්සිජන් නොමැතිවීම ඉන්දියාවේ රෝහල් රැසක වෛද්‍ය වරුන් මධ්‍යම රජයට දන්වා ඇත.

Leave A Reply

Your email address will not be published.

7 − three =