රවී කරුණානායක බැඳුම්කර කොමිසමට බොරු කියලා

දූෂිත මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබා දුන් බවට අමාත්‍ය රවී කරුණානායක මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව අද (30) කොළඹ මහේස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශ කළේ අමාත්‍යවරයාට එරෙහිව ඉදිරියේදී චෝදනා ‍ගොනු කිරීමට අපේක්ෂා කරන බවයි.

රවී කරුණානායක මහතා කොමිසම හමුවේ අසත්‍ය තොරතුරු ප්‍රකාශ කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ විභාගයට ගැනිණි. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ රජයේ නීතිඥ ලක්මිණී ගිරිහාගම මෙනෙවිය ප්‍රකාශ කළේ අමාත්‍යවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් සහ ඔහුගේ දියණිය ඇතුලු පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවයි. ඉන් අනතුරුව නීතිපතිවරයා විසින් අමාත්‍යවරයාට එරෙහිව ‍චෝදනා ගොනු කරන බව ද නීතිඥවරිය ප්‍රකාශ කළාය.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් නඩු විභාගය ලබන ජූලි මස 29 වැනිදා දක්වා කල්තැබූ මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ මෙම චෝදනා සම්බන්ධ පරීක්ෂණ කටයුතුවලට අදාල ප්‍රගතිය එදිනට අධිකරණය වෙත වාර්තා කරන ලෙසයි.

LNW

Leave A Reply

Your email address will not be published.

fifteen − 8 =