ඉන්දියාවේ දිනපතා රෝගීන් 90 000 පනියි, සමස්තය මිලියන පහ ඉක්මවයි

ඉන්දියාවේ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ඊයේ (16) දිනය වන විට මිලියන පහ ඉක්මවා ගිග අතර දැන් දින ගණනාවකට පෙර සිට ඉන්දියාවේ දිනකට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 90 000 ඇත.
මෙම රෝගීන් වැඩිවීමත් සමඟ අසාධ්‍ය තත්ත්වයේ පසුවන දස දහස් ගණනක් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සැපයීමට ද ඉන්දියාවේ රෝහල්වලට නොහැකි වී ඇතැයි වාර්තා ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර ඉන්වදියාව තුළ වයිරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ මහාරාෂ්ට්, ගුජරාට් සහ උත්තර ප්‍රදේශ් යන  ප්‍රාරාන්තවලට වන අතරම මෙම  ප්‍රාරාන්තවල ඔක්සිජන් අවශ්‍යතාව තුන් ගුණයකින් වැඩි වී තිබෙන බව වෛද්‍යවරුන් සහ එම ප්‍රාන්ත ආණ්ඩුවල නිලධාරීන් පවසයි.

මේ අතර ඊයේ දින නව කොරෝනා වයිරස ආසාදිතයන් 90,123 දෙනකු ඉන්දියාවෙන් හඳුනාගෙන තිබේ.

ලොව වේගයෙන්ම වයිරස ආසාදිතයන් වාර්තා වන රට බවට පත්ව ඇත්තේ ද ඉන්දියාවෙනි. අවසන් වයිරස ආසාදිතයන් මිලියනය වාර්තා වීමට ගත වී ඇත්තේ දින 12ක් පමණි.
මේ අතර එරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 82, 066ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපදයට පසු වයිරස ආසාදිතයන් මිලියන පහක් වාර්තා වන රට වන්නේ ඉන්දියාවයි.

Leave A Reply

Your email address will not be published.

5 + eighteen =