71 වියැති යොෂිහිඩේ සුගා ජපන් අගමැති වෙයි

ජපානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස යොෂිහිඩේ සුගා පාලක පක්ෂයේ බහුතර ඡන්දයෙන් පාර්ලිමේන්තුවේ දී අද (16) තෝරා පත් කරගෙන ඇති අතර සුගා හිටපු අගමැති ෂින්සෝ අබේගේ සමීපතමයෙකු ලෙස සැලකෙයි.

71 හැවිරිදි වියේ පසුවන සුගා ජපාන රජයේ ප්‍රධාන කැබිනට් ලේකම්වරයකු ලෙස ද කටයුතු කරයි.

අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් ජපානයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ෂින්සෝ අබේ පසුගිය මාසයේ දී සිය ධූරයෙන් ඉල්ලා අස්විය.

ජපානයේ පිටිසර අකිටා කලාපයේ හැදුනු වැඩුණු යොෂිහිඩේ සුගා, ගොවියෙකුගේ පුතෙකි. පාසල් අධ්‍යාපනය නිමවා ඔහු රැකියාවක් සොයා ජපාන අගනගරය වන ටෝකියෝ වෙත පැමිණ විවිධාකාර රැකියා කරමින් සිට ඇති අතර වරක් ඔහු කාඩ් බෝඩ් වැඩපොළක රැකියාවක් කර ඇති සුගා මුදල් ගෙවා ඉගෙනගත හැකි පෞද්ගලික විශ්වවිද්‍යාලයක ට ඇතුළු වී තිබේ.

ඒ අතරතුර ප්‍රකට සුකිජී මාළු වෙළෙඳපොළේ ද රැකියාවක් කර ඇති අතර ඔහු ඉන් සිය විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු සඳහා මුදල් ඉතිරි කරගත් බව ද වාර්තා වෙයි. ඉන්පසු උපාධිය හිමිකරගත්, යොෂිහිඩේ සුගා ස්ථීර රැකියාවක් සොයාගත්ත ඔහුගේ කැමැත්ත වූයේ දේශපාලනයයි.

මුලින්ම යොකෝහාමා නගර සභාවට තරඟ කළ අතර දිනයකදී නිවාස 300 බැගින් නිවාස 30,000ක් වෙත සපත්තු කූට්ටම් 6ක් ගෙවී යන තුරු පයින්ම ගොස් ඔහු ගැන කීවේය.

ලොව තෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන ජපානය ලොව සීඝ්‍රයෙන් වියපත් වෙමින් පවතින ජනගහනයක් සිටින ජපානයේ මේ වන විට ජනගහනයෙන් තුනෙන් එකකට වඩා වැඩි පිරිසක් වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයින්ය.

Leave A Reply

Your email address will not be published.

18 − six =