බස්, ත්‍රීරෝද රථ සහ යතුරුපැදි එකම මංතීරුවක පමණයි

ත්‍රීරෝද රථ සහ යතුරුපැදි හෙට(16) සිට ධාවනය කළ හැක්කේ වම් කෙළවරේ බස් ප්‍රමුඛතා මංතීරුවෙන් පමණක් බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද මාධ්‍යට පැවසීය.

රාජගිරිය ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද (15) ඒ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේය.

ඔහු පැවසුවේ යතුරුපැදි සහ ත්‍රීරෝද රථ සෑම මංතීරුවකටම මාරු වෙමින් ධාවනය වෙන බැවින් එය ගැටලුවක් බවත් හෙට දවස මේ කටයුත්තේ පෙරහුරුව යොදාගෙන තිබෙන අවසාන දිනය වන බවද පවසයි.

වැඩි දුරටත් අදහස් දක්වමින් “ඒ නිසා ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා යතුරපැදිකරුවන්ගෙන් සහ ත්‍රීරෝද රථ රියදුරන්ගෙන් හෙට දවසේ මේ අත්හදාබැලීම සාර්ථක කර ගැනීම සඳහා වම් කෙළවර ඇති බස් ප්‍රමුඛතා මංතීරුවෙන් පමණක් යතුරුපැදි, පාපැදි සහ ත්‍රීරෝද රථ ගමන් කරන්න, මෙහිදී තමා ඉදිරිපිටින් ගමන් කරන බස් රථය බස් නැවතුම්පොළක නතර කළ අවස්ථාවේ දී සුළු ප්‍රමාදයක් ඔබට ඇතිවෙයි. එය ඉතාම ඉවසිල් වන්තව සිට ගමන් කරන්න,“ “ යනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළේය.

යනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවසීය.

Leave A Reply

Your email address will not be published.

12 + 19 =