මියගිය13 වැනියාගේ අවසන් කටයුතු මාදම්පේ දී- ඊයේ ආසාදිතයින් 28 ක්
කොවිඩ් -19 වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේදී මියගිය 13 වන පුද්ගලයාගේ අවසන් කටයුතු ඊයේ (14) හලාවත ප්‍රාදේශීය සභාවට අයත් මාදම්පේ ආදාහනාගාරයේදී සිදුකළේය.
මියගියේ බහරේන් සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටිය දී රෝගීව හලාවත මූලික රෝහලට ඇතුළත් කෙරුණු 60 හැවිරිදි නුගේගොඩ පදිංචි පුද්ගලයෙකි.
මේ අතර ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 28 දෙනෙක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
මෙම පිරිස බංග්ලාදේශයේ සිට පැමිණි 4 ක් , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 11 දෙනෙක්, කුවේට් සිට පැමිණි එක් අයෙක්, කටාර් සිට පැමිණි එක් අයෙක් , වියට්නාමයේ සිට පැමිණි එක් අයෙක් , බහරේන් සිට පැමිණි 4 දෙනෙක් , ඉන්දීය ජාතික නාවිකයින් 5 දෙනෙක් මෙම පිරිසට ඇතුලත් වෙයි.