මෙරට 13 වන කොරෝනා අසාදිත මරණය හලාවත රෝහලෙන්

කොරෝනා වයිරසය ආසාදනය වී මියගිය 13 වන ලාංකිකයා අද වාර්තා වූ අතර ඔහු ඩුබායි සිට මෙරටට පැමිණි පිරිමි පුද්ගලයෙකි.
පසුගිය 2 වැනිදා ඩුබායි සිට මෙරටට පැමිණි , නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන (60) හැවිරිදි මෙම පුද්ගලයා එදා සිට නිරෝදායන මධ්‍යස්ථානයක සිට ඇත. පසුව 9 වන දින ස්වසන රෝගය වැළදී ඇතැයි කියමින් හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ ප්‍රතිකාර ලබා ගැනීමට හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ කොරෝනා වාට්ටුවට ඇතුළත් කර සිටි තිබේ. මෙම රෝගීයා මිය ගොස් ඇත්තේ කොරෝනා වයිරසය වැළදීමෙන් බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය කපිල මල්ලවආරච්චි මහතා අද (14) පැවසීය.

පසුව ඔහු සම්බන්ධ‍යෙන් මුලික වෛද්‍ය පරික්ෂණයකින් පසු ඔහු කොරෝනා ආසාදිතයකු නොවන බව හෙළි වුවත් රෝගියා හලාවත රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයේ රඳවා ප්‍රතිකාර ලබා දී ඇති බවත් එහිදී සිදු කළ පරික්ෂණයක දී ඔහුට කොරෝනා වැළදි නැති බව හෙළි වූ බවත් අධ්‍යක්ෂවරයා කීය.

රෝගිය අද (14) අලුයම මිය ගිය අතර ඔහු සම්බන්ධයෙන් කොළඹ වෛද්‍ය පරික්ෂණ ඒකකය මගින් තුන්වන වරටත් සිදු කළ පරික්ෂණයක දී මොහු කොරෝනා ආසාදිතයකු වශයෙන් හඳුනා ගෙන ඇති බවට එම ඒකකය විසින් වෛද්‍ය වාර්තාවක් ඒවා තිබු බවත් රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.

මිය ගිය අයගේ සිරුර සම්බන්ධයෙන් අවසන් කටයුතු කොරෝනා ආසාදිතයින්ගේ දේහයන් සම්බන්ධයෙන් සිදු කරන ආකාරයට සිදු කිරීමට නියමිතය.

 

Leave A Reply

Your email address will not be published.

14 + eight =