එක් දිනක වැඩිම කොරෝනා ආසාදිතයන් පසුගිය පැය 24 තුළ
කොරෝනා වයිරසය ආරම්භ වීමත් සමඟ දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම වයිරස ආසාදිතයන් ප්‍රමාණය ගත වූ පැය 24 ක කාලයේ දී වාර්තා වූ අතර ඒ ආසාදිතයන් 307,930ක් වනවා සේම එම කාලයේදී ඉන්දියාවෙන් පමණක් ආසාදිතයන් 94,372 දෙනකු වාර්තා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.
එම කාලය තුළ ‘කොවිඩ්-19’ වයිරස ආසාදිත මරණ ගණන 5,537 වන අතරම ලොව පුරා වාර්තා වන වයිරස ආසාදිත සමස්ත මරණ ගණන 917,417 වේ.
එම පැය 24 ක කාලයේදී ඇමෙරිකාවෙන් වයිරස ආසාදිතයන් 45,523 , බ්‍රසීලයෙන් වයිරස ආසාදිතයන් 43,718 දෙනකු හඳුනාගෙන තිබේ.