අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු වගඋත්තරකරුවන් පිරිසකට එරෙහිව පවරා ඇති නඩුව ජුලි මස 31 වන දා සිට මුලසිට නැවත විභාග කිරීමට තීරණය කර තිබේ. ඒ අභියාචනාධිකරණයේ නියෝගයකට අනුවයි.
පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම නඩුව ගොනු කර ඇත්තේ, විල්පත්තුව අභය භූමිය ආශ්රිත ප්‍රදේශවල පිහිටි ඉඩම් මුස්ලිම් ජනතාවගේ පදිංචිය සඳහා නීතිවිරෝධි අන්දමින් ලබා දීමට දරන උත්සහය වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමිනි.
පසුගිය 28 වන දින මෙම නඩුව කැඳවනු ලැබුවේ ජනක් ද සිල්වා සහ නිශ්සංක බන්දුල කරුණාරත්න යන විනිසුරුවන් හමුවේය.
අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, වන ජිවි දෙපාර්තමේන්තුවේ සහ වන සංරක්ෂන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරුන් ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර කරමින් මෙම නඩුව ගොනු කර තිබේ.
2015වසරේදී ගොනු කළ මෙම නඩුවේ තීන්දුව 28 වන දින ප්‍රකාශයට පත් කිරිමට නියමිතව තිබිණ.
එම නඩුවේ විභාගය පසුගිය වසරේ සැප්තැම්බර් මස අවසන්වී තිබු අතර තීන්දුව නිකුත් කිරීම මින් පෙර අවස්ථා 04කදීම කල් දැමීමට එම නඩුව විභාග කළ අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන නියෝග කොට තිබිණ.