T 10 තරගාවලිය දෙසැම්බරයේ දී

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිතව තිබූ ටෙස්ට් තරග දෙකකින් යුත් තරග සංචාරය කල් දැමීම හේතුවෙන් එම කාලය තුළ ශ්‍රී ලංකාවේ දී ජාත්‍යන්තර T 10 ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබේ. එම ඕවර් 10 ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම වෙනුවෙන් දකුණු අප්‍රිකාව ද සිය සහයෝගය පළ කොට ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා සඳහන් කර ඇත.

නොවැම්බර් මස 14 වැනිදා ආරම්භ වීමට නියමිත ‘ප්‍රිමියර් ලීග්’ තරගාවලිය දෙසැම්බර් මස මුල සතියේ දී අවසන් වන බැවින්, මෙම ජාත්‍යන්තර ඕවර් 10 ක්‍රිකට් තරගාවලිය සංවිධානය කිරීමට පහසු බවයි ඔහු සඳහන් කරන්නේ. යෝජිත තරගාවලියට සහභාගී කරවා ගැනීම සඳහා රටවල් කිහිපයක් සමඟ සාකච්ඡා පවත්වමින් පවතින අතර, ඉන් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් අපේක්ෂා කරයි.

දකුණු අප්‍රිකාවට බලපා ඇති කොවිඞ්-19 වෛරස් ව්‍යාප්ති තත්ත්වය මත දෙසැම්බර් මාසයේ ටෙස්ට් තරග සංචාරය ක්‍රියාත්මක කිරීමේ ඉඩකඩක් නොමැති බවයි තහවුරුව ඇත්තේ. මෙම තත්ත්වයට පෙර දී දෙසැම්බර් 12 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව බලා පිටත්ව යෑමට නියමිතව තිබිණි●

චතුර චාමින්ද

Leave A Reply

Your email address will not be published.

11 − 4 =