“චීස්” රස අත්දැකීම් ගෙදර ගෙනියන්නත් පුළුවන් 16 ටවර්හෝල් එන්න

ජිනිදු පද්ම ශ‍්‍රී බණ්ඩාර කියන්නෙත් නාට්‍යකාරයෙක් මරදාන ටවර් හෝල් රඟහලෙන් අධ්‍යාපනවේදී නාට්‍ය හා රංග කලාව පිළිබඳව උපාධිය ලබාගන්න ජිනිදු, පසුව කොළඹ ඞී.එස්. සේනානායක විද්‍යාලයේ නාට්‍ය ගුරුවරයෙකු විදිහට කටයුතු කරනු ලබන අතර මේ වන විට බැංකුකරුවෙකු ලෙස රැකියාව කරනවා. “චීස් කෙටි නාට්‍ය උළෙල” සමඟ සැප්තැම්බරයේ 16 ටවර්හෝල් රඟහළේ දී ජිනිදු පද්ම ශ‍්‍රී බණ්ඩාරගේ නිර්මාණ සමඟ හමුවිය හැකියි.

චීස් කන්න දැන් අපිට රඟහලට යන්න වෙලා..?

ඔව්, කන්න විතරක් නෙවෙයි හොඳට රසවිඳලා ඒ රස අත්දැකීම් ගෙදර ගෙනියන්නත් පුළුවන් වෙන නාට්‍ය උළෙලක් විදියට තමයි ” හඳුන්වන්න පුළුවන්. ජීවිතේ එකම විදිහට උදේ දවල් හවස ගෙවන හැමෝටම ආරාධනා කරනවා ඒක දවසක්වත් තමන්ටම වෙන්කර ගෙන ජිවිතේ විඳින්න එන්න කියලා. සැප්තැම්බරයේ 16 ටවර්හෝල් රඟහල එහෙම වෙනස් වෙන්න කැමති අයගෙන් පිරේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා..

නාට්‍යයක් කිව්වට එකක් නෙමෙයි නාට්‍ය 3ක් නේද?

මේක කාලෙකින් බලන්න හම්බුවෙන වෙනස්ම විදිහේ කෙටි නාට්‍ය එකතුවක්. එකිනෙකට වෙනස්ම විදිහේ කතා තේමාවන් 3ක්. චීස් කියන්නේ රුසියාවේ ජීවත් වන රූමත් තරුණියක හා මනෝවිද්‍යාඥයෙක් පිළිබඳ කතාවක්. ලෝකා කියන්නේ මැදිවිය ඉක්මවූ කාන්තාවක් හා තරුණයෙකු අතර ඇතිවෙන ප්‍රේමයක් ගැන කතාවක්. මේ අතරින් වෙනස් පර්යේෂණාත්මක නාට්‍ය තමයි “ඔයාගෙ කතාව” නාට්‍යය. ජීවිතෙන් පරදින මිනිස්සු මනකල්පිත ලෝකෙක එකතු කරන කාන්තාවක ගැන කතාවක් තමයි ඒ නාට්‍යයෙන් කියවෙන්නේ.. ඒ නාට්‍යයේ අංගරචනය, ඇඳුම් පැළඳුම් නිසා හරිම වෙනස් අත්දැකීමක් අනිවාර්යයෙන්ම එකතු කරාවි. හිතන්නකෝ කල්පිත ලෝකෙක ජීවියෙක් ගැන.

උළෙල ආරම්භයේ නාට්‍ය හා රංගකලාව හදාරන ශිෂ්‍යයන් වෙනුවෙන් වෙනම වැඩසටහනක් තියනවා නේද?

වෙනස්ම අධ්‍යාපන අත්දැකීමක් විදියට අපි ප්‍රායෝගිකව අංගරචනය පිළිබඳව අවබෝධයක් දෙන්න පස්වරු 1.30 සිට නළුනිළියන්ගේ අංගරචනය වේදිකාවේ සිට සිදුකරනු ලබනවා. සරල අංගරචනය චාරිතාංග අංගරචනය කියන්නෙ මොකක්ද කරන්නේ කොහොමද අමුද්‍රව්‍ය මොනවද? ශිල්පීය ක්‍රම පිළිබඳ ඉතා ප්‍රායෝගික අත්දැකීමක් ගන්න පුළුවන් සහභාගි වන සැමට..

මෙහි රංගන ශිල්පීන් කවුද?

නාට්‍ය සරණියේ සියළුම ශිල්පීන් නාට්‍ය කලාව පිළිබඳ විද්‍යාර්ථීන්, ගුරුවරුන් වගේම උපාධිධාරීන්. මෙහි බොහෝ රංගශිල්පීන් ප්‍රමාණයක් වේදිකාවේ සම්මානලාභීන් චීස් නාට්‍ය නයෝමි තක්ශිලා වරෙක පුංචි තිරයේ ජයප්‍රිය රංග ශිල්පිනිය බවටත් පත්වුනා. නාට්‍ය පුහුණු කටයුතු ඉතාම කැපවීමෙන් මේ වනවිට අවසන් කොට තිබෙනවා..

කොවිඩ්19 තත්වය සමඟ රඟහල නැවත ජීවය ලබලද?

සැබැවින්ම ඔව්, ටවර්හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජෙනරාල් ඩග්ලස් සිරිවර්ධන මහතාගේ ප්‍රේක්ෂා නාට්‍ය උළෙලේ කෙටි නාට්‍ය අංශයේ ප්‍රථම දිනය ලෙසින් චීස් වේදිකාවට එන්නේ. ප්‍රේක්ෂා නාට්‍ය උලෙළ නොමැතිනම් මෙලෙස 50% නිරෝධාන නීති සමඟ නාට්‍ය කිරීම සිහිනයක්. එම නිසා සියළුම ආසන සැලසුම් කරලා සංවිධාන කටයුතු කරන්න ප්‍රවේශ පත්‍ර සිමා කරන්න අපිට සිදුවුනා. ප්‍රවේශ පත්‍ර ටවර්හෝල් රඟහලින්, නුගේගොඩ සරසවි වගේම සදිපා බොරැල්ල ආයතන වලින් ලබා ගත හැකියි.. 071 306 9311 කෙටි පනිවිඩයක් හරහාද ආසන වෙන්කරවා ගත හැකියි. අපි ගෞරවයෙන් ආරාධනා කරනවා ඒකාකාරී ජීවිතයෙන් මිදිලා හිත නිදහස් වෙන්න සැප්තැම්බරයේ 16 ටවර්හෝල් එකට එන්න ඉඩකඩ වෙන්කරවා ගන්නා ලෙස..

ජිනිදු පද්ම ශ‍්‍රී බණ්ඩාර

Leave A Reply

Your email address will not be published.

4 × 4 =