පළිගැනීම් කමිටුවෙන් නිදොස් වී බැසිල් පාර්ලිමේන්තු එයි !

20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් පසු එහි සඳහන් ආකාරයට ද්විත්ව පුරවැසියකු වන බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට හැකියාව ලැබුණ ද, ලබන වසරේ මුල් කාර්තුව වන තුරු ඔහු දිවුරුම් නොදෙන බව ආණ්ඩුවේ ආරංචිමාර්ග සඳහන් කරයි. ඊට පෙර ඔහු දේශපාලන පළිගැනීම් කමිටුවෙන් ‘දිවිනැගුම’ සිද්ධිය සම්බන්ධයෙන් නිවැරැදිකරුවකු වනු ඇතැයි ද එම ආරංචිමාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.
මේ අතර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම් පත අය-වැයට පෙර සම්මත කර ගැනීමට රජය තීරණය කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ සංශෝධන ද ඇතුළත් කර 20 වන සංශෝධනය තුනෙන් දෙකක බහුතරයෙන් සම්මත කර ගැනීමෙන් පසු අය-වැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩු පක්ෂය සැලසුම් කර තිබේ.
විසිවන සංශෝධනය ප‍‍්‍රකාරව ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි ඇමතිවරුන් පත් කිරීමේ අවස්ථාව හිමි වුව ද, ලබන වසර මැද වන තෙක් ඇමැති මණ්ඩලයේ සංශෝධනයක් නොකිරීමට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීන්දු කර ඇත. එහි දී 20 වන සංශෝධනයට පක්ෂව ඡන්දය දෙන විපක්ෂ මන්ත‍‍්‍රීවරුන්ට ඇමැති ධුර ලබා දෙනු ඇතැයි ද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

Leave A Reply

Your email address will not be published.

four + seventeen =