ඡායාරූප කලාවේ දේශීය පීතෘවරයා ‘විල්සන් හෑගොඩ’

ශ්‍රී ලංකා ඡයාරූප ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන විශිෂ්ඨ ඡායාරූප කලවේදී ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලාසංගමයේ නිර්මාතෘ විල්සන් හෑගොඩ මහතාගේ 36 වන සිහිකිරීම වෙනුවෙන් අධිකරණ වෛද්‍යනිලධාරි කාර්යාලයේ නලින් හේමන්ත විසින් ලියන ලද කවි පෙළකි. 1915 ජනවාරි මස 08 දින ගාල්ලේ බටුවන්තුඩාවේ හෑගොඩ දී මෙලොව එළිය දුටු රණසිංහ ආරච්චිගේ විල්සන් පසු කලකදී ඡායාරූප ශිල්පියෙක් ලෙස ජාත්‍යන්තර කීර්තියට පත්වූයේ විල්සන්ගේ හෑගොඩ නමිනි. විල්සන් හෑගොඩයන් 1984 සැප්තැම්බර් මස 13 වැනි දින අභාවයට පත් විය.

එක දහ සකුත් නමසිය පහලොස් වන වසරේ
ජනවරි අටැති දාතම ලැබ ඉපදුනු දකුණු තෙරේ
බටුවන්තුඩා නම් ග්‍රාමයෙ සොඳුරුවු ගාලු පුරේ
ආර් ඒ විල්සන් හෑගොඩ යන නාමය පැතිරේ

නමසිය හතලිස් දෙක පෙබරවාරි දහ අටැතී
දිනදී එකතු වන පොලිසිය සිලොන් නම් වනැතී
කොස්තාපල් දුරය දරමින් හෑගොඩ නම් නමැතී
කරනට රාජකාරි වෙනුවෙන් සිය කැමරාව ගතී

බබලවමින් සී අයිඩිය රට හැම තැන පතල
නමක් ලැබ දෙමින් තම සහජය දස්කම් අතුල
සුද්දන් හටම උරුමව තිබු ඡායාරූපන එකල
රට දෙස හැමට යෙදෙනුය හැකි ලෙසටම සකල

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය නමින්
අදටත් විද්වතුන් බිහි කරනා සේයා රූ නගමින්
පාසැල් පද්ධතිය වෙතටත් ගෙන දී හැඟුමින්
අද අප විඳින තෙවැනිය ඇස හැමටම බෙදමින්

සේයා මෙන්ම කවිකම ගෙන කොළඹම යුගයේ
බබලවමින්ය රට හැම තැන කව් පදයන් රසයේ
අපරධ පරීක්ෂණ තුල ලද නිපුණත්වය හමුයේ
හැත්තෑහතරෙ ලැබුවා පොලිස් පරික්ෂක දුරයේ

මිනිසෙකු ලෙසින් කළ හැකි උපරිමයම විඳලා
යහගුණ පුරා තම දිවියෙහි හැම කැප කරලා
අසූ හතරෙ සැප්තැම්බර් දහතුන දිනදී හැරලා
සමුදී ගියේ යහපත් දරු කැළ ලෝකෙට සදලා

-නලින් හේමන්ත කුමාර
2020-09-13

Leave A Reply

Your email address will not be published.

1 × 3 =